ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ගණන චීනයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන ද ඉක්මවා ගොස් ඇත.
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් දිනපතා වාර්තා වන ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වෙමින් තිබෙන අතර පසුගිය දින කිහිපයේදීම වාර්තා ගත අයුරින් එම ප්‍රාන්තයෙන් ආසාදිතයන් 3,000 ඉක්මවා වාර්තා විය.
ඉන්දියාවේ වාණිජ කේන්ද්‍රස්ථානය වන මුම්බායි නුවරද පිහිටා ඇති මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් අද (8) පස්වරු 1.20 වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 85,975ක් විය. නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය ව්‍යාප්ත වීම ආරම්භ වූයේ යැයි කියන චීනයෙන් අද දහවල් වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 84,191කි.
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් අද පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී ආසාදිතයන් 3,007 දෙනකු වාර්තා වූ අතර එම ප්‍රාන්තයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ ගණන 91කි. එම ප්‍රාන්තයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 3,060කි.
කෙසේ නමුත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුව මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සමස්ත ආසාදිතයන්ගෙන් 43,591 ක් එම ප්‍රාන්තයේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබති. වයිරසය ආසාදනය වූ 1,924 දෙනකු ඉරිදා දිනයේදී සුවය ලබා ගිය බව ද වාර්තා විය. ඒ අනුව මේ වනවිට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ පිරිසගේ ගණන 39,314ක් ලෙස දැක්විණි.
මුම්බායි නගරයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 48,774ක් දක්වා ඉහළ ගොස් ඇති අතර අවසන් පැය 24දී එම නගරයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 1,420කි. මුම්බායි නුවර විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන 25,940කි. ගෙවුණු පැය 24 දී මුම්බායි නුවරින් මරණ 1,638ක් වාර්තා වූ අතර ඒ අනුව එම නගරයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 1,638කි.
ද හින්දු
055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය චීනයේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන ඉක්මවයි
රජින්ද Monday, 08 June 2020 11:44 AM
ලංකාව සොබාදහම විසින් නැවතත් සුරපුරයක් කිරීමට පාලකයින්ට අවස්ථාවක් දී තිබේ. එහෙත් ඒ වනාන්තර කපමින් වනජීවීන් මරමින් යන ගමනක් නොවිය යුතුය.