(අංජුල මහික වීරරත්න)
ඉදිරි අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වැඩි මුදලක් වෙන් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
දැනට පවතින ගැටළු නිරාකරණය කරමින් ඉදිරියේ දී මානව හා භෞතික සම්පත් ද වර්ධනය කරමින් අපහසුතාවයකින් තොරව වෛද්‍ය සේවා සැපයීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව කීවේ නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන වලින් ජනතාවට දෙන සෞඛ්‍ය සේවාවන් හි වත්මන් තත්ත්වයන් පිළිබඳ නිරීක්ෂණයකින් අනතුරුවය.
නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව අමාත්‍යවරයා මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම ආයතන ප්‍රධානීන් සමග දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාවන් පිළිබඳ සාකච්ඡාවක ද නිරත විය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඉදිරි අය වැයෙන් සෞඛ්‍යයට වැඩි මුදලක්