( ෂමින් පණ්ඩිතරත්න - බොලෝඤ්ඤා නගරයේ සිට)
ඉතාලියේ බොලෝඤ්ඤා විශ්ව විද්‍යාලයේ පැැති ''සංස්කෘතීන් අතර සාමය සහ ආගම් අතර අවබෝධය'' යන තේමාව යටතේ ජී 20 අන්තර් ආගමික සමුළුවට සහභාගී වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට හා විදේශ කටයුතු අමාත්‍යංශය ජී.එල්. පිරිස් මහතාට විරුද්ධව උද්ඝෝෂණයක් සිදු කළ පිරිසට විරුද්ධව තවත් ශ්‍රී ලාංකිකයෝ පිරිසක් විරෝධතාවක නිතර වූහ.
පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් සොයනු , සත්‍ය හෙලි කරනු යන සටන් පාඨ රැගෙන ඒම පිරිසක් ශ්‍රී ලංකා රජය පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ, ඒ පිළිබඳ විමර්ශනය ජනතාවට වසන් කර ඒවා යට ගැසීමේ කුමන්ත්‍රණයක් පවතින බවත් වින්දිතයන්ට යුක්තිය ඉටු නොකරන බවත් චෝදනා කළහ.
පාස්කු ප්‍රහාරයේ සත්‍ය සොයා යන ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් යන සංවිධානයක් විසින් සංවිධානය කර තිබු මෙම උද්ඝෝෂණයට ඉතාලියේ ශ්‍රී ලාංකික පියතුමොද ඒක්ව සිටියහ.
මෙම උද්ඝෝෂණයට විරෝධය පාමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂපාතීව ඔහුගේ ඡායාරූපය රැගත් ශ්‍රී ලාංකිකයෝ තවත් පිරිසක් සාමකාමී රැලියක් පැවැත්වූහ.
ජී 20 අන්තර් ආගමික සමුළුවට සදහා ඉතාලි අග්‍රාමාත්‍ය මරියෝ ඩ්‍රාගී මහතා, බොලෝඤ්ඤා අගරදගුරු මත්යෝ මරියා සුප්පි කාදිනල් හිමිපාණනෝ, යුරෝපා පාර්ලිමේන්තුවේ සභාපති දාවිදේ සස්සෝලී, ස්ලෝවෙනියා ජනාධිපති බොරුට් පාහෝර් මහතා ඇතුලු රාජතාන්ත්‍රිකයන් හා ආගමික නායකයන් සහභාගීවි සිටි අතර මෙහි ප්‍රධාන දේශනය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පැවැත්වීය.



COMMENTS
විපක්ෂයව එකයි, පක්ෂව එකයි තරම හිතාගන්න පුළුවන්. මම නම් හිතන්නෙ නැහැ මෝඩයෝ හුඟක් ඉන්නව කියල. මේ වගේ ස්වල්පයක් හැර.
පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් අගමැතිට එරෙහිව උද්ඝෝෂණයට සහභාගී වුවන්ට මාගේ ගෞරවනීය උත්තමාචාරය.
සල්ලි දීලද කොහෙද?
ලොක්කන්ට ගැති වෙලා බෝට්ටුවෙන් ඉතාලි ගිහින් තමන්ගේ ගති භාවය පෙන්නනවා
මූණු බැලුවම තේරෙනවා
අපේ රට කවදාවත් දියුණු නොවන බවට හොඳම සාක්ෂි දෙකක් .අර අන්තිම පින්තුරේ ඉන්න ටයි කෝට් මහත්තයා නම් .ජීවිතේට ටයි එකක් දාපු ගතියක් නම් නැහැ
මැදමුලන හොර බයියන්ගේ කටු ලෙවකන, ට්‍රෝලර් වල නැගලා ඉතාලි ගිය මොලේ අමාරු කාරයන් වගයක්. කට්ටියගේ නම,ගම, ගියේ කොහොමද, මේ කිසිම කෙනෙකුට ඩිරෙක්ට් ඉමිග්‍රන්ට් වීසා ලැබුන අය නොවෙයි. ලංකාවේ නම කැත කරලා දේශපාලන සරණාගත විසා එක ගත්ත හැටි ඔක්කොම අපි හොයාගෙන මේ පත්තරේම දමනවා. මුන්ට රුපියල් 1000 ක් , විලි වසාගන්න රෙදි කෑල්ලක් , අරක්කු වීදුරුවක් දුන්නාම ඕන මගුලක් කරාවි. මේ ෆොටෝ එකේ ඉන්නේ ක්‍රිස්තියානි පූජකවරයෙක් නොවෙයි. මෙයාගේ නම .....ප්‍රනාන්දු.
පාස්කු දවසේ පල්ලි ගිය අයව නිරපරාදේ ඝාතනය කිරිම හෙන ගහන අපරාධයක් නෙවේද.ඔය කෑගහන අයගේ පවුල් වල අයටත් එහෙම විපතක් උනානම් තේරේවි එකේ වේදනාව.දූෂිත දේසපාලුවන්ට කඩේ යන වහල්ලු ටිකක් බොරුවට බෙරිහන් දෙනවා.
කොහෙදයන රස්තියාදු කාරයෝ වගයක් පොලිසියට අවශ්‍ය හොරු රැලකගේ ෆොටෝ වගයක් උස්සන්.
පොහොට්ටුවෙන් ගෙනාපු අපතයින් රැලක්...
ෆොටෝ එක බලපුවාම පේනවා නසරානියන් 9ක් සල්ලි දීලා ගෙනැල්ලා කියලා.. ඔවුන් ඇඳන් ඉන්න ඇඳුම්, මූහුණු දැක්කම පේනවා බෝට්ටු වල එල්ලිලා ඉතාලි ගියපු හිඟන්නන් සෙට් එකක් කියලා.. සල්ලි වලටම පින්තූර උස්සන් ඉන්නවා... මේවා දැක්කාම හිනායනවා පිස්සු නන්දේ වැටිලා තියන තත්ත්වය දැක්කාම.. නඩු ටික ගොඩ දාගන්න රටක මිනිස්සු අන්දවලා බලය අල්ලපු මේ පවුලටම ගහන දවස වැඩි ඈතක නෙමෙයි කියලා පේනවා...
ෂුවර් එකටම මේ අයට ගතමනාවක් එම්බසියෙන් දෙනවා ඇති...
මේ කල්ලිය ඊයේ, පෙරේදා මහතැන එක්ක ගිය අයද කොහේද? මුහුණ බැලුවාම පේනවා සෙවලයින් ටිකක් බව...
අපි හැමතිස්සෙම ඉන්නේ තාඩන පීඩනවලට යටත්වයි...! දෙවියන් උඩ ඉන්නවා..!
අන්තිම පින්තූරයේ ඉන්න සෙට් එක මහින්ද මහත්තයා එක්කම ඉතාලි ගිය සෙට් එකක් වගේ...
මොලේ උඩ ඉන්න බත්බැලයින් ටිකක් පිස්සු කෙලිනවා...
අන්තර්ජාලයේ පළවූ වාර්තාවකින් උපුටා දැක්වීමකි. "G20 ට අයත් වන්නේ ආර්ජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, කැනඩාව, චීනය, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉතාලිය, ජපානය, ද.කොරියාව, මැක්සිකෝව, රුසියාව, සෞදි අරාබිය, දකුණු අප්‍රිකාව, තුර්කිය, එක්සත් රාජධානිය, ඇමරිකාව යන රටවල්ය. එය කටයුතු කරන්නේ ආගමික කාරණා සම්බන්ධව නොවේ. අගමැති මහින්ද රාජපක්ෂ සහභාගි වූයේ 'ආගමික විද්‍යාව පිළිබඳ පදනම' නම් සංවිධානයක් විසින් බොලොඤ්ඤ නගරයේ "රිඑන්සෝ පැලස් හි පොඩෙස්ටා"ශාලාවේදී 12 වැනිදා සවස 3.45 ට පැවැත්වුණු ආගමික සමුළුවක කතාවක් පැවැත්වීමටයි. එහි ප්‍රධාන දේශනය පැවැත්වූයේ ස්ලෝවේනියාව නම් මධ්‍යම යුරෝපයේ පිහිටි කුඩා රටක ජනාධිපතිවරයා වන බොරුට් පාහෝර් විසිනි. ස්ලෝවේනියාව G20 රටවලට අයත් ද නැත. එම සමුළුවට ඉතාලියේ ජනාධිපති හෝ අගමැති හෝ සහභාගි නොවුහ. මහින්ද රාජපක්ෂ එක් කථිකයෙක් පමණක් වන අතර අනෙක් කථිකයා වන්නේ 'ලෝක යුදෙව් කොංග්‍රසය' නම් සංවිධානයක සභාපතිවරයා වන රොනල්ඩ් ස්ටීවන් නමැත්තෙකි. ඉතාලි ගමනේ වෙනත් අරමුණක් ඇත්දැයි කිව නොහැකියි." උපුටාගැනීම අවසන්...
දෙමුනි උඩුවර මහත්තයෝ, දෙවියන් උඩ ඉන්නවා කියලා හිතන්න එපා.. රාජපක්ෂලා ඉන්නේ ඊටත් වඩා හුඟක් උඩින්..!!!
පක්ශව ඇවිල්ලා ඉන්න ඩයල් ටිකෙන් ඇහුවා නම් මහින්ද රාජපක්ෂ ලංකාවේ ජනාධිපතිද? අගමැතිද? කියලා... ඒකවත් හරියට කියාගන්න දන්නේ නැති ගොබ්සන්ලා සෙට් එකක් ඔය...
පොහොට්ටුවේ අපතයින් ටික දෙනෙක්... වහල්ලුම තමයි..
මාර සෙනගක්නේ විරෝධතාවේ හිටියෙ
මෙතනදි මේ අය පෞද්ගලිකව අගමැතිට විරුද්ධ වූවා නොවේ. නැති වූ අයගේ වේදනාව තියෙන්නෙ ඒ පවුල්වලට. ඒ වගේම රජය දුන්නු පොරොන්දුව ඉෂ්ඨ කරන්නයි ඒ අය ඉල්ලා සිටින්නේ. ඉහළ ඇති කමෙන්ට්වල සමහරු ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයින්ව පහත් කරලා කථා කරන්නේ ඉතාලි ගිය අය දේශපාලකයින් පස්සේ වැද යමින් හොර ගස් කපා, අත යට කොන්ත්‍රාත් කර නැති නිසාද? දන්න අය දන්නවා සුදුසුකම් නැතත් දේශපාලකයින්ට බැලමෙහෙවර කරල රජයේ කම්කරු රැකියාවක් හෝ අරන් පෙන්ෂන් හදාගන රට බංකොලොත් කරන්න ඉපදිච්ච මිනිස්සු. ඉතාලියේ වැඩ කරන අය අතර සැලකිය උපාධිධාරීන් පිරිසක් ඉන්නවා කියල දන්න අය දන්නවා. සමහරු රජයේ රැකියාවෙන් අවුරුදු දෙක නිවාඩු අරන් ගිහින් එහෙ වැටුප් හොද නිසා නැවතුනු අයයි.
මේ වහල්ලු 10 දෙනා කොහෙන්ද හොයාගත්තේ? මහ බයියාට නම් කිසිදා අමතක නොවන හූවක් ඉතාලියේදී ලැබුණා.
මුට්ටිය අල්ලා නගන්න කිහිප දෙනෙක් තවදුරටත් පාලක පක්ෂක පක්ෂයට කොඩි වනන බයියන් නිවැරදි කල නොහැකි බයියන් වන අතර ඔවුන් සමග වාදයට නොයන්න
ඔතන ඉන්න පස් දෙනෙක් ඇත්තටම ඉන්නේ ලංකාවේ .හෙව්වනම් ඔවුන් ඉතාලියේ ඉන්නේ හොර පාස් පොර්ට් වලින් .ඔවුන්ගේ නම් ලංකාවේ චන්ද ලැයිස්තුවේ තියෙනවා .රටින් පිටවී නැහැ ඉන්නේ ලංකාවේ
කෝට් බෑයක් දාගෙන ඉන්න කෙනා කවදාවත් ටයි කෝට් ඇන්දේ නැහැ අපි දැකලත් නැහැ ඇපල් කඩනවා සුද්ද පවිත්‍ර කරනවා
ඔක්කොම හොර පාස්පෝර්ට් බොරු නම් වලින් ඉන්නේ .ඇත්තම කෙනා ඉන්නේ ලංකාවේ, වෙන්නපුව, මීගමුව ,ජා ඇල සහ ගාල්ලේ බූස්සේ