(ගයාන් සූරියආරච්චි)

ඉඩම් කොමසාරිස් කාර්යාලයේ නිලධාරියකු ලෙස පෙනී සිටිමින් කාන්තාවක පදිංචි ඉඩමට ඔප්පුවක් සාදා දෙන බව පවසා රුපියල් 275,000 ක මුදලක් ලබාගත් බව කියන සාමිමලේ ප්‍රදේශයේ පදිංචි තැරැව්කරුවකු අද අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තෙ සමිමලේ අප්කට්, ගවරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

නෝර්වුඩ් ප්‍රදේශයේ පදිංචිකාරියක කරන ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනවලින් අනතුරුව සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

පැමිණිලිකාරිය පදිංචි ඉඩමට කිසිදු ඔප්පුවක් හෝ බලපත්‍රයක් නොමැති අතර සැකකරු ඇය පදිංචි ඉඩමට අදාලව ඔප්පුව සකස් කර දෙන බව පවසා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පැමිණිලිකාරියගේ ඉඩම පිහිටි නෝර්වුඩ් වසර භාර ග්‍රාම නිලධාරීගේ වාර්තාවක් ලබාගැනීමට ග්‍රාම නිලධාරිට ලබාදීම සදහා රුපියල් 45,000 ක් මුදලක් සැකකරු ඉල්ලා තිබූ එම මුදල් ලබාගැනීම සදහා අයිරදි හංදිය ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.