
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තමන් යටතේ පවතින ඉඩම් මොනවාදැයි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නොදන්නා බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ සමග ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව 2015 සිට මේ දක්වා ඉඩම් දුන්නේ කාටද ඒ ව්‍යාපෘති සිදුවෙනවාද යන්න ගැන විමර්ශනයක් පවත්වා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
එක එක ආණ්ඩුවලින් පත්වුණු ඇමැතිවරුන්ට ඕන විදිහටනේ ඉස්සර වැඩ කළේ...