IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ඇෆ්ගනිස්තානයට භූමි කම්පාවක්: 150 ක් මරුට

ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමානයේ ඒකක 6.1ක් ලෙසිනි.

ඇෆ්ගන් මාධ්‍ය වාර්තා කළේ එරට වැසියන් 150 දෙනකු භූමි කම්පාව හේතුවෙන් ජීවිතක්ෂයට පත් වුණු බවය. නිවාස සිය ගණනක් ද මුළුමනින්ම විනාශ වී ඇතැයි තලේබාන් රජය උපුටා දක්වමින් ඇෆ්ගන් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසා තිබේ.

අග්නිදිග ඇෆ්ගනිස්තානයේ කෝස්ට් නුවරට කිලෝ මීටර් 44 ක් දුරින්, කිලෝ මීටර් 51 ක් පොළොව ගැඹුරින් භූමි කම්පාව හටගෙන ඇති බව ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඇෆ්ගනිස්තානයේ සහ පාකිස්තානයේ භූමි කම්පා හට ගැනීම ස්වභාවිකය. ඊට හේතුව මෙම රටවල් පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ඉහළිනි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (3)

ඇෆ්ගනිස්තානයට භූමි කම්පාවක්: 150 ක් මරුට

ක්ලින්ටන් Wednesday, 22 June 2022 12:41 PM

අද දවල් දොළහයි කාලට පමණ ලී ගොඩ හෙල්ලුණා. මම බිරියට කිව්වා පකිස්ථානය ඇෆ්ගන්ස්ථානය පැත්තේ භූමි කම්පාවක් කියල. භූමිකම්පා මැද ජීවිතය ගෙවූ නිසාත් විෂය නිසාත් සංවේදී බව නිසයි දැනුනේ. ස්ථානය කොට්ටාව..

:       1       0

sam Wednesday, 22 June 2022 01:05 PM

අයියෝ අහිංසක මිනිස්සු... අනේ මේක සාටක දාගෙන ලංකාවම හොරාකාපු රාජපක්ෂලාගේ නඩේම එකට එකතු වුණු තැනක ඕක වුණා නම් කිසිම කෙනෙක් දුක් වෙන්නේ නැහැ...

:       0       1

කිරි පුතාWednesday, 22 June 2022 01:47 PM

ඔබේ සිත වෛරයෙන් පිරී පවතියි. එය ඔබටවත් වෙන කෙනෙකුටත් සුබ දෙයක් නොවේ. මෙය රටේ බොහෝ දෙනෙකුට ඇති තත්ත්වයකි. බාහිරින් පෙන්වන්නේ රටට ආදරය ඇති වගකි. නමුත් සත්‍ය නම් වෙනත් දේශපාලන පක්ෂයක් බදාගෙන සිටීමයි. එසේ නොවී සමබරව සිතමු...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 20 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1549 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1676 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site