(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
 
ගාලූවරායේ නවතා තිබූ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ඇවන්ට්ගාඩ්  සමාගමට අවසර ලබා දීම මගින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 11.4 පාඩුවක් සිදුකරන ලදැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම මඟින් කෙළඹ මහේස්ත්‍රාත් අධිකරණය පවත්වා ගෙන යන නඩු විභාගයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් අට දෙනා නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය  අද (12)  නියෝග කළේය.
 
 කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති එම නඩුවද අහෝසි කරන ලෙසද අභියාචනාධිකරණය නියෝග කෙරිණි.
 
එසේම අල්ලස් කොමිසමට ප්‍රමාණවත් සාක්කි ඇතැයි හැඟී යන්නේ නම් කොමිසමේ ලිඛිත අවසරය මත යළි නඩු පැවරීමට බාධාවක් නොමැති බවද අභියාචනාධිකරණ තීන්දුවේ සඳහන්වේ.
 
මෙම නඩුව සම්බන්ධයෙන් විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමේ නියෝගය අවලංගු කළ අධිකරණය එම විරෝධතා පිළිගැනීමටද නියෝග කෙරිණි.
 
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ ඇත.
 
නීතීඥ සනත් විජේවර්ධන මහතා විසින් ගොනු කරනු ලැබූ අභියාචන පෙත්සමේ මෙසේද සඳහන් වේ.
 
පසුගිය රජය සමයේ ගාලූ වරායේ ඇවන්ගාඞ් මැරිටයිම් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම තමා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවරා ඇති බවය.
 
මෙලෙස අල්ලස් චෝදනා නඟා තිබුණේ හිටපු ආරක්ෂක ලේකම්වරයා වූ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ , ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු සහාකාර ලේකම් දිසානායක මුදියන්සේලාගේ සුජාතා දමයන්ති සේනාරත්න , යුධ හමුදාවේ හිටපු මේජර් ජනරාල් වඩුගේ පාලිත පියසිරි ප්‍රනාන්දු , යුද හමුදාවේ හිටපු මේජර් ජනරාල් කරුණාරත්න බණ්ඩා අධිකාරි එගොඩවෙල , හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඞී.ඩබ්ලිව් .ඒ සෝමතිලක දිසානායක , ඇවන්ගාඞ් ආයතනයේ සභාපති යාපා හෙට්ටිආරච්චිලාගේ නිශ්ශංක යාපා සේනාධිපති , හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයනාත් කුමාරසිරි කොළඹගේ සහ හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් එස්.එම්.ෆ්‍රැන්සිස් ඩයස් ජයරත්න පෙරේරා යන නැමැත්තන්ටය.
 
එම නඩුව ගොනුකර ඇති ආකාරය අල්ලස් පනතට පටහැනි බව සඳහන් කරන පෙත්සම්කාර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පෙත්සමින් කියා සිටින්නේ එම නඩුව පවරා ඇති ආකාරය නීති විරෝධී බවට මූලික විරෝධතාවක් මතු කළත් එය ප්‍රතික්ෂේප කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළ බව ද කියා සිටියේය.
කොළඹ ප්‍රධාන මහේස්ත්රාත්වරයාගේ තීරණයට එරෙහිව කොළඹ මහාධිකරණය වෙත තමා ප්රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එය ද විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කළ බව පෙත්සම්කරු කියා සිටියි.
 
මේ හේතුවෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සහ කොළඹ මහාධිකරණයේ තීන්දු නීති විරෝධී බවට ප්‍රකාශ කොට ඇවන්ගාඞ් නඩුවෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.
 
 
වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද අදාළ නඩු විභාගය මෙම පෙත්සම් විභාගයට ගෙන අවසන් වනතුරු නවතාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද , මූලික විරෝධතාවය ප්‍රතික්ෂේප කිරීම ගත් තීරණය අහෝසිකර එය පිළිගැනීමට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු ඉල්ලා ඇත.
 
හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥවරුන් වන රොමේෂ් ද සිල්වා , අලි සබ්රි සහ නීතීඥ සුදත් කල්දේරා යන මහත්වරුන් පෙනී සිටියහ.
 
නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනක බණ්ඩාර මහතා පෙනී සිටියේය.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1765										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1765										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1449										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1449										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
ඇවන්ට්ගාඩ් නඩුවෙන් ගෝඨාභය ඇතුළු 8 දෙනා නිදහස්