IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඇල්ල සංචාරකයන්ගෙන් පිරෙයි

(පාලිත ආරියවංශ)

පාසල් නිවාඩුවත් සති අන්ත නිවාඩුවත් නිසා ඉතා සොදුරු ගමනාන්තයක් ලෙස ප්‍රකට ඇල්ල සංචාරක කලාපය ඉකුත් දින දෙක පුරා සංචාරකයන්ගෙන් පිරි පැවතිණ.

විශේෂයෙන්ම දේශීය සංචාරකයන් දරු පවුල් පිටින්ම සංචාරයට පැමිණ සිටියහ.

දුම්රිය ගමන ,( නයින්ආච්ච් )ආරුක්කු නමය පාලම , සහ රාවණා දියඇල්ල මෙම සංචාරකයන්ගේ වැඩි ආකර්ශනය දිනා තිබිණ.

සංචාරකයන්ගේ පැමිණීම වැඩිවිමත් සමග තම ආදායම්ද ඉහළ ගොස් ඇතැයි රාවණාඇල්ල ආශ්‍රිතව විසිතුරු භාණ්ඩ , අඹ සහ බඩ ඉරිගු විකුණන වෙළඳුන් පැවසූහ.

කෙසේ නමුත් රාවණාඇල්ල ආශ්‍රිතව ඇතමුන් ඉතා අවදානම් ඉසව්වල සිට ඡායාරූප හා වීඩියෝ දර්ශන ලබාගන්නා අයුරු අපට දක්නට ලැබිණ.

මෙම ස්ථානයේ දිය නෑම සහ ගල්මතනැගීම තහනම් කර ඇතත් එම තහනම හෝ අවධානම නොතකා කුඩා දරුවන් සමග ගල්මතට නගින අයුරුද දක්නට ලැබිණ.

 



අදහස් (5)

ඇල්ල සංචාරකයන්ගෙන් පිරෙයි

Randula Sunday, 15 December 2024 01:38 PM

ඉතා ඉක්මනින් විධිමත් සංචාරක නියාමන ක්‍රමවේදයක් ලංකාවට අවශ්‍යයයි. නැතිනම් පරිසරයටත්, සංචාරක ආකර්ෂණයටත් වෙන හානිය COVID වලට වඩා දරුණු දිගුකාලීන ප්‍රශ්නයක් වෙයි. හොඳම උදාහරණය තායිලන්තයේ Maya Bay. ඔවුන්ට දිගු කාලයක් (2020 -2022) වෙරළ වසා දාන්න සිදුවුණා.. පිරිසිදු කරන්න සහ ඒ පරිසරයට නැවත ජීවය ගන්න. දැන් ඔවුන් සංචාරක නියාමනය කරනවා නැවතත් එවැනි දෙයක් සිදු නොවීමට...

:       1       44

Chinthaka Sunday, 15 December 2024 03:54 PM

මමත් ඔය ආරුක්කු නවය පාලම බලන්න ගියා... බලා ආපසු එද්දී තරමක වැස්සකට හසුවුණා... පාලම බලන්න පහළට බහින්න තියෙන පාරත් ප්‍රධාන පාරත් සම්බන්ධ වන ස්ථානයේ පහළට බහිනවිට දකුණු පැත්තේ කඩයේ සෙවණට බොහෝදෙනෙක් ගියා... එවිට තරමක් මිටි මහත කඩය හිමි ගැහැනිය වැස්සෙන් පිහිටක් පතාගෙන සෙවන සෙවූ සැමටම කිවනොහැකි තරමින් තිත්තකථා කියමින් බැන එම ප්‍රදේශයේ ජනතාවගේ හැටිද කියලා හිතුනත් එසේ නොවන බව තේරුණේ අනෙක් මුදලාලිලා එහෙම නැතිනිසා තමයි. ඒත් වැස්ස වෙලාවේ මුත්‍ර පිටවීම වැඩිපුර සිදුවීමෙන් ගසාකෑමක්ද කළ කාන්තාවක් වැසිකිලි යන අයගෙනුත් කිසිම පහසුකමක් නැති වැසිකිළියට යාම වෙනුවෙන් රුපියල් 50/= ක් අයකළා හරිම කැතයි. හිරිකිතයි සංචාරයේ යෙදෙන අයගේ දැනගැනීමට ඉදිරිපත් කලේ දේශීය ජනතාවගේ ප්‍රයෝජනයට බව කාරුණිකව සලකන්න...

:       0       22

Henry PoruthotaSunday, 15 December 2024 06:32 PM

මේක ජාතිභේද ඇවිස්සීමක් නොවෙයි, ඔය කියන කඩේ වෙළෙඳාම් කරන්නේ ඉන්දීය සම්භවයක් තියෙන ද්‍රවිඩ කාන්තාවක් කියලා පැහැදිලි වෙන්නේ සිංහල ජනතාව ඉලක්ක කර කැතම විදියට බැනවැදීම නිසා තමයි එනිසා ඉදිරි කාලයේ නයින් ආර්ච් පාලම බලන්න යනවා නම් ඔය කඩයෙන් අත්‍යාවශ්‍යම වුණත් කිසිවක් නොගන්නවා නම් හොඳයි..

:       0       21

Bunny Preena Monday, 16 December 2024 09:56 AM

ඔය වගේ ගැහැණුන් ව පන්නලා දාන්න තියෙන්නේ

:       0       3

දිනිති ලොචනා Monday, 16 December 2024 10:41 AM

ඔය කියන කතාව හොඳයි කිසිම හැසිරීමක් නැති මිනිස්සුන්ව එළවනවා තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 735 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site