IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඇමෙරිකා පුණ්‍යායතනය සුව ඇමති හමු වෙයි

(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර පුණ්‍යායතනයේ (Latter-day Saint Charities) නියෝජිතයින් පිරිසක් අතර විශේෂ හමුවක් අද (24) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

පිළිකා ඖෂධ පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඇමරිකා ඩොලර් මිලියනයකට වඩා අධික වටිනාකමකින් යුත් ඖෂධ එම ආයතනය දැනටමත් මෙරට ට පරිත්‍යාග කර ඇති බව ද මෙහි දී අනාවරණය විය.

එම පූණ්‍යායතනය විසින් පසුගිය කාලසීමාවේ ක්‍රියාත්මක කරන ලද රෝද පුටු සංචලන ආධාර ව්‍යාපෘතිය සහ පිළිකා ඖෂධ පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘති අඛණ්ඩ ව සිදු කරගෙන යාමට එම ආයතනයේ එකඟතාවය ද අමාත්‍යවරයාට මෙහිදී පළ කළේය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කීවෙි  රජය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු සඳහා පවතින සම්පත් උපයෝගී කරගනිමින් සහ සැලසුම් සහගත ව විසඳුම් ලබා‌දෙමින් මනා කළමනාකරණයකින් යුතු ව කටයුතු කරන බවයි. 



අදහස් (4)

ඇමෙරිකා පුණ්‍යායතනය සුව ඇමති හමු වෙයි

ඩිනේශ් පෙරෙරා Monday, 24 March 2025 04:36 PM

Latter-day Saint Charities කියන්නේ බෝන් අගේන් පල්ලියේ ප්‍රචාරක අංශය.. මොනවද මේ ඇමරිකන් පල්ලියට ලන්කාවෙන් දෙන්නේ…? අපේ බුද්ධාගම් කාරයින්ව හරවාගන්න තනිකර නිදහස... ජෙප්පන්ගේ බලාපොරොත්තුව වන බුද්ධාගම ලන්කාවෙන් තුරන් කරන එකේ එක එක අදියර තමා මේ…. ද්‍රෝහීන්…!

:       17       7

බකල ජයාMonday, 24 March 2025 07:06 PM

දිනේෂ්, බමුණු සිරිත් පිළිපදින බුදුන් බැහැර කරන්න කියපු දේවල්ම කරන ශාසනේ ඉන්න අය ඉන්නකොට බුද්ධාගම විනාශ කරන්න තව අලුතෙන් අය මොකටද?

:       3       15

gamunu Monday, 24 March 2025 05:55 PM

පිළිකා රෝගීන් හෝ වෙනත් රෝගීන් සඳහා ලබෙන්නා වූ පරිත්‍යාග කරන්නා වූ ඖෂධ රෝගීන් වෙත ලබාදීමෙන් පසු එම ඖෂධ අවසන් වීමෙන් පසු නැවත එම ඖෂධ රෝගීන් වෙත ලබාදීමට හැකියාවක් රජයට තිබේද? එසේ නොමැතිනම් එම ඖෂධ පරිත්‍යාග නොනවත්වා ලංකාවට ලැබෙනවාද? කෙටි කල සඳහා රෝගීන්ට අමෙරිකාවෙන් පරිත්‍යාග මත ලැබෙන්නා වූ ඖෂධ ලබාදී එම ඖෂධ අවසන් වීමෙන් පසු වෙනත් රටක් නිෂ්පාදිත වෙනත් වර්ගයක ඖෂධ ලබාදීම සුදුසුද යන්න සොයාබැලිය යුතුවේ.

:       3       5

Ahmed (Gulf) Tuesday, 25 March 2025 01:25 AM

"පසුකාලීන සාන්තුවරයන්" නැවත ඉපදුණු කිතුනුවන් නොවේ, එය සාතන්ගේ නිකායකි.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site