
ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේය.
ජනාධිපතිවරණයට පෙර, වේලාසනින් ඡන්දය ප්‍රකාශ කිරීමට කැමැති ඇමෙරිකානුවන්ට ඒ සඳහා අවස්ථාව උදාවන වන අතර, ඡන්ද පොළ ද ඒ සඳහා මේ වනවිට ආරම්භ වී ඇත.
වේලාසනින් ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු පළමුවෙන් ආරම්භ වූයේ වර්ජීනියා ජනපදයෙනි. වේලාසනින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විවෘත කෙරුණු ඡන්ද පොළ නොවැම්බර් 2 වැනිදා තෙක් ක්‍රියාත්මක වන බව ඇමෙරිකන් මැතිවරණ බලධාරීහු පෙන්වා දෙති.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd