IMG-LOGO

2024 ජුනි මස 25 වන අඟහරුවාදා


ඇමෙරිකන් තර්ජනයට ඉන්දියාව පිළිතුරු දෙයි

ඉරානය සමඟ ආර්ථික සබඳතා පවත්වන රටවලට සම්බාධක පනවන බවට ඇමෙරිකාව කළ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් ඉන්දියාව ප්‍රතිචාර දැක්වීය. 

ඉන්දියාව සහ ඉරානය අතරේ යහපත් සබඳතා පවතින අතර, ඉන්දීය රජය පසුගිය දා ඉරානයේ චබහාර් වරායේ කටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ඉරානය සමඟ 10 වසරක ගිවිසුමකට අත්සන් කළේය.

මෙය ඇමෙරිකාවේ අප්‍රසාදයට හේතුවක් වූ අතර, ඇමෙරිකාව එම අවස්ථාවේදී නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, කවුරු වුණත් කමක් නැහැ. ඉරානය සමඟ සම්බන්ධකම් පවත්වන රටවලටසම්බාධක පැනැවීමක් සිදු කරන බවත්, එම සම්බාධකවලට මුහුණ දීමට සූදානමින් ඉරානය සමඟ ගනුදෙනු කරන ලෙසත් ය. ඇමෙරිකාව මෙම තර්ජනය කළේ ඉන්දියාවට බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඇමෙරිකානව සහ ඉන්දියාව අතරේ සමීප මිතුදම් පවතී. ආසියානු කලාපයේ චීනය ඇමෙරිකාවට තර්ජනයක් වී ඇති බැවින්, ඇමෙරිකාවේ සමීපතම මිතුරා වී සිටින්නේ ඉන්දියාවය. 

ඇමෙරිකාවේ තර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් පවසා ඇත්තේ එම ඉරාන සමඟ අත්සන් කළ එම ව්‍යාපෘතිය මුළු කලාපයටම ප්‍රතිලාභ ලබා ගෙන දෙන්නක් බවය. එබැවින් එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පටු අදහස් නොදැරිය යුතු බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඇමෙරිකාවට පෙන්වා දී ඇත. ඉරානය, චබහාර් වරායේ ඉදිරි කිරීම් සිදුවූයේ ඉන්දීය රජයේ ද සහාය ඇතිවය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (1)

ඇමෙරිකන් තර්ජනයට ඉන්දියාව පිළිතුරු දෙයි

Yashan Wednesday, 22 May 2024 09:09 AM

ලෝකයක් ඇමරිකාව හැළිය යුතුයි. ලෝකයට කරුමය ගේන ප්‍රමුඛ රට ඇමරිකාවමයි. වඩා යහපත් බහු ධ්‍රැවීය

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

’’තම්බපවනී’’ ට අලුත් සහකරුවෙක් සොයයි
2024 ජුනි මස 25 35 0

තම්බපවනී සුළං විදුලි බලාගාරයේ වගකීම්, මෙහෙයුම් සහ නඩත්තු කොන්ත්‍රාත්තුව අලුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


හිඟුරක්ගොඩ ගුවන් තොට අලුත් වෙයි
2024 ජුනි මස 25 217 0

හිඟුරක්ගොඩ ගුවන්තොටු පොළ සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගන්න යද්දී නාවික සෙබළෙක් මරුට
2024 ජුනි මස 25 393 0

යාපනය ඩෙල්ෆ් දූපතට ආසන්න මුහුදු සීමාවේදී අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා බාරයට ගැනීමට ගිය නාවික හමුදා සෙබලෙකුට වූ


සමථ මණ්ඩල පනත සංශෝධනයට
2024 ජුනි මස 25 143 0

සමථ මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


ඩීසල් නැව් තොග හතරක් ගන්න කොන්ත්‍රාත්තුව දෙයි
2024 ජුනි මස 25 130 0

ඩීසල් (0.05% M.S.) නැව් තොග හතරක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගු කාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


ඈන් කුමාරියට අශ්වයකුගෙන් පා පහරක්
2024 ජුනි මස 25 456 0

අශ්වයකුගේ පහර කෑමකට ලක්වුණු බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය රෝහල්ගත කර ඇතැයි බකිංහැම් මාලිගය පවසයි. රෝහල්ගත කළ ඈන් කුමරියගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරං


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 240 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1449 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3222 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site