
(අන්තර්ජාලය ඇසුරෙන් විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ කුඩා නගරයක යෝධ රේඩියෝ කුළුණක් කිසිඳු සාක්ෂියක් නොමැතිව අතුරුදන් වී ඇත.
ඩබ්ලිව්.ජේ.එල්.එක්ස් ප්‍රාදේශීය රේඩියෝවට අයත් මෙම කුළුණ අතුරුදන් වීම හේතුවෙන් ජැස්පර් නගරය සහ ඒ අවට ප්‍රදේශයේ විකාශන කටයුතු නවතා දැමීමට එම රේඩියෝ නාලිකාවට සිදු වූවේය.
අඩි 200 ක් උස මෙම රේඩියෝ කුළුණ සොරෙකු හෝ සොරුන් කණ්ඩායමක් විසින් සොරකම් කරනු ලැබ ඇතැයි විශ්වාස කරන බව එම රේඩියෝ නාලිකාවේ සාමාන්‍යාධිකාරී බ්‍රෙට් එල්මෝර් මහතා ප්‍රකාශ කළේය.රේඩියෝ නාලිකාවේ විකාශන කටයුතු නවතා දැමීමට සිදු වීම විශාල පාඩුවක් බවත් ඉන් ජැස්පර් ප්‍රජාවට සිය හඬ අහිමි වී ඇති බවත් සාමාන්‍යාධිකාරීවරයා පැවැසුවේය.
පසුගිය 2 වැනිදා කුළුණේ නඩත්තු කටයුතු සඳහා නඩත්තු කණ්ඩායමක් කුළුණ පිහිටි ප්‍රදේශයට ගිය අවස්ථාවේ එම ස්ථානයේ කුළුණක් නොමැති බව දැක පුදුමයට පත් වී ඇති බව එල්මෝර් මහතා ප්‍රකාශ කළේය.එම අවස්ථාවේදී කුළුණ අසල ඇති ගොඩනැගිල්ලේ තිබූ විකාශන උපකරණ සියල්ලද අතුරුදන් වී ඇති බව නඩත්තු කණ්ඩායමේ අවධානයට යොමුව ඇතැයි ඔහු පැවැසුවේය.
අවම වශයෙන් රේඩියෝ කුළුණ ඉතිරිකර යාමට සොරුන්ට යුතුකමක් තිබූ බවත් රේඩියෝ කුළුණක් ආදේශ කිරීමට විශාල මුදලක් වැයවන බවත් සාමාන්‍යාධිකාරීවරයා සොරකම පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.තවමත් මෙම සොරකම කළ සොරුන් අත් අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී නැති බවද ඔහු පැවැසුවේය.
2025 නොවැම්බර් මස 21
123
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
203
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1067
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ඇමෙරිකාවේ රේඩියෝ කුළුණක් අතුරුදන් වෙයි
fairoos Monday, 12 February 2024 07:04 PM
ලංකාවේ රාජපක්ෂලා වගේ තමයි. කිසිම සාක්ෂියක් නැහැ.
පිටිගල මිලානෝ Tuesday, 13 February 2024 10:58 AM
ඇමරිකාවේ බොහෝ විට දකින්නට ලැබෙන්නේ මෝඩයන්ය…. ඔවුන් අසන්නේද අමුතුම ප්‍රශ්ණය….