IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ඇමෙරිකන් යුද නැවක් ඊශ්‍රායලයේ සහායට යයි

ඊශ්‍රයාලයට දිගින් දිගටම සහාය දෙන බව පවසමින්, තවත් යුද නෞකාවක් ඊශ්‍රායලයට අසල මධ්‍යධරණී මුහුදට යැවීමට ඇමෙරිකාව පියවර ගෙන තිබේ.

ඇමෙරිකන් නාවික හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, යූ.එස්.එස්. ජෙරාල්ඩ් ආර්. ෆෝඩ් නමැති යුද නෞකාව මෙසේ මධ්‍යධරණී මුහුදට යැවූ බවය.

හමාස් සටන්කාමීන් එල්ල කරන ප්‍රහාර හමුවේ ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලයට අයිතියක් ඇතැයි පවසමින්, ඇමෙරිකාව පසුගිය සතියේ ද යුද නෞකාවක් මධ්‍යධරණී මුහුදට යැවීය. ඒ, යූ.එස්.එස්. අයිසන්හවර් නෞකාවය.

යූ.එස්.එස්. අයිසන්හවර් සහ යූ.එස්.එස්. ජෙරාල්ඩ් ආර්. ෆෝඩ් යනු ප්‍රහාරක යානාවලින් ද සමන්විත ඇමෙරිකාව සතු අති ප්‍රබල යුද නෞකා යැයි පැවැසෙයි.

මේ අතර ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දිගින් දිගටම ප්‍රහාර එල්ල වෙද්දී, හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායක ඉස්මයිල් හනියේ සහ ඉරාන විදේශ අමාත්‍ය හුසෙයින් අමීර් අබ්දුල්ලාහියා අතර හමුවක් කටාරයේ දෝහා නුවරදී පැවැත්විණි.

2007 වසරේ සිට ගාසා තීරයේ බලයේ සිටින්නේ හමාස් සංවිධානයයි. මෙය දේශපාලන අංශයකින් සන්නද්ධ අංශයකින් සමන්විතය. ඊශ්‍රායලය සමඟ ගැටුම් ඇති කරගන්නේ සන්නද්ධ අංශ සාමාජිකයන්ය.

ඊශ්‍රායලය, ඇමෙරිකාව ඇතුළු බටහිර බලවතුන් කීප දෙනකු හමාස් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇත.

ඉස්මයිල් හනියේ හමාස් සංවිධානයට දිගින් දිගටම සහාය දෙන බවට ඉරාන රජය වෙනුවෙන් ඉරාන විදේශ අමාත්‍යවරයා ප්‍රතිඥා දුන්නේය.

ගාසා තීරයට සැපැයෙන ආහාර, ජලය සහ විදුලිය ද නවත්වා, ගාසා සිවිල් වැසියන් දැඩි පීඩාවට ලක් කරමින්, එම සිවිල් වැසියන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීම යුද අපරාධයක් යැයි ඉරානය ඊශ්‍රායලයට චෝදනා කර තිබේ.

ඊශ්‍රායලය දිගින් දිගටම යුද අපරාධ කරමින් පලස්තීනුවන් සමූල ඝාතනය කරන්නේ නම් ඊශ්‍රායලයට එරෙහිව පියවර ගැනීමට පසුබට නොවන බව ඉරානය පවසා තිබේ.



අදහස් (1)

ඇමෙරිකන් යුද නැවක් ඊශ්‍රායලයේ සහායට යයි

Siyambalapitiya Sunday, 15 October 2023 03:07 PM

ඊශ්‍රායල් අයිති පලස්තීනෙට .ඇමරිකන් සහ එංගලන්තේ තමයි යන්න එන්න තැනක් නැති යුදෙව්වන්ට පලස්තීනේකෑල්ලක් දුන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 349 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site