IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


ඇමතිවරුන් පගාවට නෑ:කෝටි ගණන් ඉතිරි වෙනවා

(සුජිත් හේවාජුලිගේ)

ඇමතිවරුන් පගා නොගන්නා නිසා බොහෝ ව්‍යාපෘතිවලින් කෝටි ගණන් ඉතිරි වන බව වරාය නාවික සිවිල් ගුවන් සේවා සහ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

මේ ආණ්ඩුවේ ඇමතිවරුන් හොරකම් කරන්නේ නැතැයිද ඔහු කීය.

පල්ලන් ඔය පාලමෙන් පමණක් කෝටි දෙකක් ඉතිරි වූ බව පැවසූ අමාත්‍යවරයා ඇමතිවරුන් සල්ලි ඉල්ලමින් පස්සේ එන්නේ නැති හෙයින් කොන්ත්‍රාත්කරුවන්ට නිදහසේ වැඩ කටයුතු කිරීමට අවස්ථාව සැලසී ඇතැයිද ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ මොනරාගල පල්ලං ඔය යකඩ පාලම වෙනුවට නව පාලමක් ඉදි කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

මෙම පාලම ලබන වසරේ දෙසැම්බර් මාසයේ දී ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

 



අදහස් (3)

ඇමතිවරුන් පගාවට නෑ:කෝටි ගණන් ඉතිරි වෙනවා

sunil Sunday, 21 September 2025 06:55 PM

අන්න ඒකනේ ඇමැතිතුමා අපි කැමති නැත්තේ ඕගොල්ලොන්ට. පගාව අරගන්න. ඊට පස්සේ ඉන්න ඔය ගමේ හෙංචයියලාටත් කීයක් හරි දීලා ඔවුන්ව ෆෝර්ම් කරලා අරගන්න. පොඩ්ඩක් ජෝගියක් එහෙම දාලා ආතල් එකක් දෙන්නේ මිනිස්සුන්ට නැත්නම් මිනිස්සු කැමති නෑ ඕකට. ඕගොල්ලෝ පගාව ගන්නැතුව ඉතුරු කරනවා. මිනිස්සු ඒකට කැමැති නෑ. හොඳ අක්කර දහයක් 15ක් අරගෙන ලොකු ගෙවල් අරගෙන වාහන විස්සක් විතර යන්න පිටිපස්සෙන් ඔබතුමා යද්දී..

:       8       20

Asela Sunday, 21 September 2025 07:23 PM

ඔබේ කාලකණ්ණි ආණ්ඩුව දැනටමත් දැවෙන ප්‍රශ්න රාශියක් විසඳීමට අසමත් වී ඇත. වහලුන් සතුටු කිරීම සඳහා වන සර්කස් පමණි. ව්‍යාපෘති නැත, ප්‍රාග්ධන ගොඩනැගීම් හෝ කිසිදු සංවර්ධනයක් නැත. ඒ කෙසේ වුවත්, උමන්දාවේ භික්ෂුව මෙම පාලනයේ ඇමතිවරුන්ට වඩා ජාතිය වෙනුවෙන් හොඳ වැඩක් කරනවා...

:       29       8

අරවින්ද මොණරවිල Sunday, 21 September 2025 08:14 PM

හොරකම් නොකරන පගාව නොගන්නා වංචා, දූෂණවල නොයෙදෙන එක වහලුන්ට ප්‍රශ්ණයක් වෙලා බිමල් සහෝදරයා. මොකද උන් දන්නේ තමන්ගේ මහ එවුන් හොරා කාලා ඉතිරිවෙන කටු සූප්පු කරලා ජීවත් වෙන්න විතරයි.

:       6       21

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31733 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14193 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11134 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 208 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1138 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site