(ගයාන් සූරිය ආරච්චි)
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතාගේ පෞද්ගලික ලේකම් බව පවසා මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් පුද්ගලයකු නිදහස් කර ගැනීමට මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුම් දුන් බව කියන ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදිවෙල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.
මහරගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සැකකරුගේ මස්සිනා බව පොලිසිය කියයි.
මෙම සැකකරු මීට වසර පහකට පමණ පෙර අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස පෙනී සිටිමින් පොලිසියට දුරකථන ඇමතුම් ලබාදීම හේතුවෙන් අත්අඩංගුවට පත් වී තිබූ බවත් සැකකරු විසින් අලුත්ගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට ද දුරකථනයෙන් බලපෑම් කර තිබූ බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
හෙරොයින් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුගේ මස්සිනා ඉකුත් (6) වැනිදා මහරගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ අනුව එම දුරකථන ඇමතුම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පොලිසිය ආරම්භ කර තිබූ අතර ඒ අනුව එම සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිසිය සිදුකළ විමර්ශනවලදී සැකකරු භාවිතා කළ දුරකථන අංකය ගාල්ල ප්‍රදේශයේ පදිංචි 80 පුද්ගලයකුට අයත් දුරකථන අංකයක් බවට තොරතුරු අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
නුගේගොඩ කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙනිය මහතාගේ උපදෙස් පරිදි මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හර්ෂ සිල්වා, ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද කුලසිංහ සහ උප පොලිස් පරීක්ෂක එදිරිසිංහ යන මහත්වරු වැඩිදුර විමර්ශන සිදුකරති.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇමැතිගේ ලේකම්ට රඟපා පොලිසියට ඇමතුම් දුන් ව්‍යාපාරිකයා අත්අඩංගුවට