(ඉන්දිකා රාමනායක)
සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන කොස්ගොඩ සුජී නමැත්තාගේ මත්කුඩු ජාවාරමේ නිරතව සිටි කාන්තාවක අත්අඩංගුවට ගත් අහුංගල්ල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට දුරකතනයෙන් මරණ තර්ජන කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අහුංගල්ල පොලිසිය පවසයි.
පොලිස් විශේෂ කාර්යාංශයේ ලබාදුන් තොරතුරකට අනුව මෙම උප පොලිස් පරීක්ෂකවරයා ඉකුත්දා (8) බලපිටිය ප්‍රදේශයේදී මෙම කාන්තාව හෙරොයින් මත්කුඩු මිලි ග්‍රෑම් 4200 ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
එදින සවස වට්ස්ඇප් සමූහය හරහා නාදුනන පුද්ගලයකු මෙම උප පොලිස් පරීක්ෂකවරයාගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබා ගනිමින් අත්අඩංගුවට ගත් කාන්තාවට මහාධිකරණය මගින් ඇප ලබා ගැනීමට හැකිවන පරිදි හෙරොයින් නඩු භාණ්ඩ ඉදිරිපත් කරන ලෙසට පරුෂ වචනයෙන් බැණ වැදී ඇති බවත්, එසේ නොකළහොත් මාර්ගයේ ගමන් කරන අවස්ථාවක වෙඩි ප්‍රහාරයකට හෝ රිය අනතුරකට ලක්කර මරණ බවට තර්ජනය කර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
උප පොලිස් පරීක්ෂකවරයා මේ සම්බන්ධයෙන් සටහන් යොදා අහුන්ගල්ල පොලිසියට පැමිණිල්ලක්‌ද කර ඇත.
මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී අත්අඩංගුවට ගත් 42 හැවිරිදි සැකකාරිය කොස්ගොඩ සුජී පාර්ශවයේ මත්කුඩු ජාවාරමේ නිරත කාන්තාවක බවට හෙළි වූ බව පොලිසිය කියයි.
අහුංගල්ල පොලිසිය මෙි සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
“ඇප ලැබෙන විදිහට බඩු නොදැම්මොත් මරනවා”
ෆර්N Friday, 10 October 2025 09:39 PM
දේශබන්දු නැතුවත් මෙහෙමනම්, හිටියනම්! හිටියා නම් මේ පැත්තේ අයව ගන්නෑනේ. අවුලක් ඇත්තේම නෑ...
Nilantha Saturday, 11 October 2025 06:29 AM
මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් එකක් තිබුණත් ඇප නොදීමට නීතී හැදුවොත් ඔය තර්ජන ගර්ජන කරන්න බැහැනේ. ඒත් ගොරකා දඩමස් කරන්නෝ සිටිද්දී ඒකත් කොහොම කරන්නද?