( විනීතා එම් ගමගේ)
ඇඳිරිනීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල බස්රථ 2,300 ක් පමණ ධාවනය කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කියයි.
ඇඳිරි නීතිය නැතත් දිස්ත්‍රික් අතර බස්රථ ධාවනය නොකල අතර ඒ ඒ දිස්ත්‍රික්ක තුළ පමණක් බස්රථ ධාවනය කළ බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා ලංකාදීපයට පැවැසීය.
සියලුම බස්රථවල සිග් සැග් ක්‍රමයට මගීන්ට අසුන්ගන්නට සැළැස්වූ බව කී සභාපතිවරයා රාජකාරි සඳහා යන මගීන් වැඩි පිරිසක් බස්රථවල ගමන්ගත් බව ද කීය.
කෙසේ වෙතත් ආසන ගණනට මගීන් ගෙන යා හැකි ද යන්න ගැන සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරමින් සිටින බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.
ඇඳිරි නීතිය ලිහිල් කරන ප්‍රදේශවල පමණක් මගී ප්‍රවාහනය සඳහා බස්රථ ධාවනය කරන නමුත් කාර්යමණ්ඩල ප්‍රවාහනය සඳහා ඇඳිරි නීතිය පවතින කොළඹ කලුතර ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්වලත් බස්රථ ධාවනය කරන බව රණවක මහතා ප්‍රකාශ කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඇඳිරිය නොමැති ප්‍රදේශවල බස් 2,300 ක් ධාවනයේ