(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
ඇඳිරිනීතිය කාලයේදී විදුලි හා ජල පාරිභෝගිකයනගේ අභ්‍යන්තර විදුලි හා ජල පරිපථ දෝෂවලට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා විශේෂ සේවාවක් හෙට (04) සිට ක්‍රියාවට නැංවෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි පුද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඒකාබද්ධ මෙම සේවාව ක්‍රියාත්මක කරනු ලැබේ.
ආරම්භයේදී, දැනට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා මෙම විශේෂ සේවාව ක්‍රියාත්මක කරනු ලබන අතර අවශ්‍යතාව මත අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා ද මෙය ක්‍රියාත්මක කරන බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.
ඒ අනුව, අභ්‍යන්තර දෝෂ නඩත්තුව සඳහා ප්‍රදේශයේ විදුලි කාර්මිකයකුගේ හෝ ජල නල කාර්මිකයකුගේ සහාය ලබාගැනීමට අදාළ පාරිභෝගිකයාට මෙම සේවාවෙන් පහසුකම සැලසේ.
ලංකා විදුලි සේවා බිඳවැටුම් හා ජල සේවා බිඳවැටුම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් සේවාව දැනටමත් ක්‍රියාත්මක බැවින්, ඒ හරහා පාරිභෝගික පරිශ්‍ර තුළ පිහිටි අභ්‍යන්තර විදුලි හා ජල සේවා පද්ධතිවල දෝෂ අලුත්වැඩියා කරගැනීම සඳහා පාරිභෝගිකයන්ට ගැටලු ඉදිරිපත්කිරීමට මේ යටතේ පහසුකම් සලසා ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව,
ජලනල කාර්මිකයකුගේ සේවය ලබාගැනීම සඳහා - 1939
ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි පාරිභෝගිකයකුගේ අභ්‍යන්තර විදුලි පද්ධතියෙහි දෝෂයකට උපදෙස් ලැබීම සඳහා - 1987
ලංකා විදුලි පාරිභෝගිකයකුගේ අභ්‍යන්තර විදුලි පරිපථයෙහි දෝෂයක් වූ විට - 1910
වැඩිදුර තොරතුරු සඳහා (ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව)- 0764271030 යන අංක ඇමතිය හැකිය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඇඳිරිනීතියේදී ජල-විදුලි පාරිභෝගිකයින්ගේ ගැටලු විසඳීමට කඩිනම් සේවයක්
ගමරාල Sunday, 05 April 2020 01:46 AM
බාහිර විදුලි බිඳවැටීම් කිවයුත්තේ කාටද කියා දක්වා නැහැ. අංක දෙකම අභ්‍යන්තර බිසවැටීම් වෙනුවෙනි