IMG-LOGO

ඇඳුම් මසන්නගේ සිරුර පින් ළිදෙන් මතු වෙයි

බිමල් ශ්‍යාමන් ජයසිංහ

බොරලැස්ගමුව කටුවාවල ආසිරි උයන මාවත ආසන්නයේ වෙල්යාය අසබඩ පොදු නාන ළිඳේ තිබී නාඳුනන මළ සිරුරක් සොයා ගත්බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය.

කටුවාවල, නීලම්මහර වැනි ප්‍රදේශයන්හි පලා කොල වෙළඳාමේ යෙදෙන ග්‍රාමීය වෙළෙන්දකු (කීර වෙළෙන්දෙක්) උදෑසන තමන් රැගෙන එන පලා මිටි සේදීම සඳහා මෙම පොදු නාන ළිඳට දිනපතා පැමිණෙන බවත් එම වෙළෙන්දා පැමිණි අවස්ථාවේදී ලිඳේ මළසිරුරක් තිබෙන බව දැක ඇති බවත් ඒ අනුව ඔහු විසින් ලබාදුන් තොරතුරු ලබා දුන් තොරතුරු මත වහාම එම ළිඳ පිහිටි ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළ බවත් පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා වයස අවුරුදු හැටක් පමණ වන අයෙක් බවත් ප්‍රදේශවාසීන්ගෙන් ලැබෙන තොරතුරු අනුව මෙම පුද්ගලයා බෝකුන්දර ප්‍රදේශයේ ඇදුම් මැසීමේ ස්ථානයක් පවත්වාගෙන ගිය අයක් කාලයක පටන් නගරයේ තැනින් තැන ඇවිද ගිය අයකු බවත්  ප්‍රදේශවාසීන් පැවසූ බව ද පොලීසිය සඳහන් කළේය.

 



අදහස් (0)

ඇඳුම් මසන්නගේ සිරුර පින් ළිදෙන් මතු වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 438 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site