
(රංජිත් රාජපක්ෂ)
ආහාර විස විමක් හේතුවෙන් දික්ඔය මුලික රෝහල වෙත පාසල් ළමුන් 13 දෙනෙකු අද (10) දින පස්වරුවේ ඇතුලත් කර ඇති බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු පැවසිය.
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන දික්ඔය ශ්‍රිවානි දමිල මහා විද්‍යාලයේ 4 සහ 5 ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන අවු 9-10 වයස් කාණ්ඩවල පසුවන ළමුන් 13 දෙනෙකු මෙසේ ඇතුලත් කර ඇති බවත්, ඉන් ළමුන් 070 දෙනෙකු පිරිමි ළමුන් වන අතර ඉතිරි සියල්ල ගැහැණු ළමුන් බවයි වෛද්‍යවරයා කියා සිටියේ.
ක්ලාන්තය, වමනය යන රෝග ලක්ෂණ හේතුවෙන් එම ළමුන් රෝහල වෙත ඇතුලත් කල බවත්, එම ළමුන් පාසලෙන් දිවා ආහාරය ලබාගෙන පාසල් නිම වි නිවාස කරා ගිය පසු මෙම රෝග ලක්ෂණ මතු වි ඇති බවයි එම වෛද්‍යවරයා කියා සිටියේ.
රෝහල්ගත කල ළමුන්ගේ තත්ත්වය බරපතල නොවන බවද එම වෛද්‍යවරයා පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් ළමුන්ට දිවා ආහාරය සපයන්නන්ට ඉදිරිපත් වන්න අයවලුන් සියලු දෙනාම බොහොම, සාධාරණ හිත පපුව උණු වෙන අය කියලා අපි හිතන්න හොද නැ..කිසිම මනුස්සකමක් නැති ඕන ජරාවක් කන්න දිලා සල්ලා යටි මඩි ගහන්න බලන් ඉන්න අයයි
ඒක තමයි මම කිව්වේ... මේ ළමයින්ට කෑම හදන තැන් හරිම පිරිසිදුවට ආරක්ෂිතව කරන්න ඕනෑ. මීට පස්සේ ඒ වගේ ටෙන්ඩර් එකක් හරි, අනුමැතියක් හරි දෙනවා නම්... ඒ අයට ආහාර සුරක්ෂිතතාවය ගැන පිළිගත් ආයතනයකින් පාඨමාලාවක් හදාරපු සහතිකයක් අනිවාර්ය කරන්න. මේවා රටක දියුණුවට වැදගත් දේවල්...