(අජන්ත කුමාර අගලකඩ)
අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග දහයක් විවෘත ඇණවුම් ක්‍රමය යටතේ ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට රජය අවධානය යොමු වී ඇත.
ඊට අදාල විශේෂ චක්‍රලේඛයක් ලබන පළවැනිදා නිකුත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
හාල් ,සීනි පරිප්පු කිරිපිටි, වියළි මිරිස්, ලොකු ලූනු, හාල්මැස්සන් ,අල ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක් බැංකුව හරහා ණයවර ලිපි විවෘත කිරීමකින් තොරව ආනයනය කිරීමට මෙමගින් අවස්ථාව සැලසෙන අතර,ඒ සඳහා මුදල් ගෙවීම සැපයුම්කරු සහ ආනයනකරු අතර ඇති කරගන්නා එකගතාව මත සිදු කිරීමට මෙමගින් අවස්ථාව සැලසෙනු ඇත.
මීට පෙරද මෙම ක්‍රමය ක්‍රියාත්මක වූ නමුත් ඉකුත් මැයි මස 8 වැනිදා සිට මහ බැංකුව විසින් එය තහනම් කරනු ලැබීය.
අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා රජය මෙම තීරණය ගනු ඇතැයි ආරංචි මාර්ග කියයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ආහාර වර්ග දහයක් විවෘත ඇණවුම් ක්‍රමය යටතේ ආනයනයට