(පුෂ්පකුමාර ජයරත්න)
මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ ආසාදිත සේවිකාවකගේ මව වන පොල්පිතිගම රාවාඇළ පදිංචි 58 හැවිරිදි කාන්තාවකටද එම වයිරසය ආසාදනය වී ඇති බව ඊයේ රාත්‍රියේ තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය.
එම කාන්තාව කොරෝනා ආසාදිත බවට තහවුරු වීමෙන් පසුව ඇගේ සැමියාද පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා මේවනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් වී සිටින බවද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය. කොරෝනා ආසාදිත කාන්තාව ඊයේ රාත්‍රියේම ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච් රෝහලට යවා ඇත. වයිරසය ආසාදනය වී සිටින ඇගේ දියණිය මේවනවිට ප්‍රතිකාර සඳහා හම්බන්තොට පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කර තිබේ.
මෙම කාන්තාවද සමඟ මේවනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් කොරෝනා වෛරසය ආසාදනය වූවන් සිව්දෙනෙකු වාර්තා වී ඇති බව වෛද්‍ය කැඳන්ගමුව මහතා සඳහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ආසාදිත ඇඟලුම් සේවිකාවගේ මවටත් කොරෝනා