(සුජිත් හේවාජුලිගේ )
රටපුරා පසුගිය දිනවල ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලට මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ පාර්ශවවලින් බරපතල චෝදනා එල්ලවිය.
ආරක්ෂක අංශවල මුල් පුටු කිහිපයක් වෙනස් කෙරෙන්නේ එම චෝදනා සැලකිල්ලට ගෙන බව දැනගන්නට ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මන්දිරයේදී පසුගියදා පැවැත්විණ.
මන්ත්‍රීවරුන් පිරිසක් එම රැස්වීමේදීද පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් කිහිප දෙනෙකු දැඩි ලෙස විවේචනය කළහ.
ඉන් අනතුරුව ජනාධිපතිවරයාද ඇතැම් ආරක්ෂක ප්‍රධානීන්ගේ ක්‍රියාකලාපය විවේචනය කර තිබිණ.
ආරක්ෂක අංශ ප්‍රධානීන් කිහිප දෙනකුගේ ක්‍රියා කලාපය ගැන ඇතැම් මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේදීද පසුගිය දිනවල විවේචනය කරන ලදී.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ආරක්ෂක අංශ මුල් පුටු කිහිපයක වෙනසක්?
siri Saturday, 21 May 2022 02:47 PM
සී.ඩී. එක මාරු කරලා ඩී.වී.ඩී. එකක් දායිද? නැත්නම් පරණ කැසට් එකකටම යයිද කියලා අපි නම් දන්නේ නෑ. දැන් බලාගෙන ගියාම සී.ඩී. එකේ තිබුණු සැර කතා කාට හරි දිරවන්නේ නැතුව ගියා වගෙයි පෙනෙන්නේ. ෂුවර් එකටම මේ මාරු කෙරිල්ලේ නියම හේතුව නොකියා සී.ඩී. එක මාරු කරන්න හේතුව හැටියට කඳුළු ගෑස්, ජල ප්‍රහාර වගේ කතාවක් කියයි ඔන්න.
sharm warn Wednesday, 25 May 2022 02:12 PM
ඕ.අයි.සී. ලා දාගත්තා වගේ තව නාටකයක් නටලා තව කවුරු හරි හෙංචයියෝ ටිකක් දා ගනීවි..