
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවට එන ආයෝජකයන් පණ මෙන් සුරැකිය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අදානි වැඩසටහන ලංකාවට අවශ්‍ය බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ලියූ ශ්‍රී ලංකා ආර්ථිකයේ පංචායුදය කෘතිය ජනගත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.
රාජගිරිය බැංකු විදු පියස පරිශ්‍රයේදී මෙම උත්සවය පැවැත්විණි. " අපි ආර්ථිකයට කළේ කුමක්ද? ඔක්සිජන් දෙමින් හිටපු ලෙඩාට ඔක්සිජන් දීම නතර කර වයර් ටික ගලවා තිබෙනවා.නමුත් ඔක්කොම වයර් ගලවා නැහැ.තාම ලෙඩා ඉන්නේ දැඩි සත්කාර ඒකකයේ.එතනින් ගොඩට ගැනීම මේ ආණ්ඩුවේ වගකීමක්.ඔවුන් ඒක හරියට කරන්න ඕන.
ආර්ථිකය වර්ධනය කරන්න අපට ප්‍රාග්ධන මුදල් තාක්ෂණය තිබිය යුතුයි.අපේ රටේ ඔක්කොම වැඩ කරන්න ප්‍රාග්ධන මුදල් සහ තාක්ෂණය නෑ.එසේ නම් ඒවා පිටින් ගත යුතුයි.චීනය මෙන්ම ඉන්දියාවත් එය කළා.
අප ආයෝජකයන්ට විශ්වාසය දිය යුතුයි.පරණ ක්‍රම වලට ගිහින් ඒ විශ්වාසය කඩන එක හරි නෑ යනුවෙන්ද හිටපු ජනාධිපතිවරයා කීය.
( ඡායාරූප:- සුමුදු හේවාපතිරණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැතුව නැතුව, ඒකනේ අපේ කපුටානෝ, හෙලුපාල වගේ ඇමතිලා 10% ක ආරක්ෂිත තැන්පතුවක් මුලින්ම ගත්තෙ, මැදදි දාල යන්න බැරිවෙන්න…!
ඒකනං ඔහෙල අගේට කොලා නේ….! අහන්නකො ජපානෙං මොකද වරායෙ කොන්තරාත්තුව, මොනොරේල් එක දාල ගියේ කියල.
පිස්සු නැත්නම් ශෝක් , ආර්ථිකය කාපු එවුන්ම පොත් ලියනෝ, පට්ට ජෝක් උබලමනේ රටේ , ආර්ථිකේ කෑවේ උබලාම නේද?
ඔය කියන තරම් ඔක්සිජන් නම් ජනතාවට දුන්නෙ නැහැ කදුලු ගැස් මිසක්. අනිත් එක ජනතාවට හොදටම සුවයි දැන්. සේරම හොරු තක්කඩි පගා කාරයෝ බෙහෙත් වෙනුවට වතුර විකුනු හිවල්ලු. මේ සේරමගෙ ඉරනම වෙන්ස්. මේඅය ඉන්නෙදැඩි සත්කාර ඒකකයෙ. ලගදීම පටිතදවෙන්නේඑකට්ටියගේ. මේ ආන්ඩුව කවදාවත් වට්ටන්න බැරි. රටට ජනතාවට ආදරෙයි හැමදේම ජනතාවට. අනිත් නයකයා කියන කාල කන්නි කෙරුවේ තම ප්ව්ලට නැද හිතමිතුරන්ට. ගෝබ්බ රැලට. උන්ට තයයි දැන් යන එනමන් නැත්තෙ. බොරුවට ජනතාවපිටින්දාලා. තමන්ගෙ. දුක කියන්න එන්න එපා ආදානිගෙවැඩේ රජය බලා ගනියි. ගිනි පොලියට. අනිත් රටවලින් වැඩ ගන්න මේ ආන්ඩුවට පිස්සුවක් නැහැ. පිනා නාකිමයිනා කෙරුවේරටේ දේපල මුදල්. අඩු මුදලටයි ගිනිපොලියට නයට ගත්තු එකයි. ඒවල සාපේ තමයි මේ උබලා ගැන ලියන්න පුලුවන්නැව් හ්ස්තක්පිරෙන්න. පොත්. ලගදීම එනවා බටලන්න්දේ. නාකි පිනා කියලා.
බැන්ද කියන්නේ කිව්වලු ? රටට ආපු හැම ආයෝජකයෙක්ගෙන්ම කප්පම් අරගෙන දැන් කියනවා බණ!"
ජනතාව විසින් කුණුකූඩයට විසිකල, අඩුම තරමින් මහ මැතිවරණයටවත් ඉල්ලන්න ආත්ම ශක්තියක් නොතිබුණ, රටේ බංකොලොත් භාවයට සෘජුවම වගකිය යුත්තන් දෙදෙනෙක්.
මහජනතාව ඔයා දැන් කී වතාවක් ගෙදර පිටත් කලාද? ආයෙත් එනවා ආයෝජකයින් ගැන කෙඳිරියක් ගාගෙන!. මෙයාගෙ ලැජ්ජා නහර කපලා තියෙන්නේ උපදින කොට වෙන්න ඕන ෂුවර් එකටම!
තරුණ සේවා එකේ එහෙම පණ මෙන් රැකලා තියෙන විදිය දැක්කා
කොටින්ම කියනවනම් මෙතුමා පණ මෙන් රටේ අනාගතය වූ ජාතියේ තරුණ කැල ආරක්ෂාකරල දුන්න නිසා කොමිසම් ඉස්සරහ කඳවුරු ගැන සාක්කිත් දෙන්න උනා.
කිසිකලෙක දීප්තිය නොදුන් බැසගිය තාරකාවන් එක්තැනෙක දැකිය හැකිවූ එක් සොඳුරු(?) අවස්ථාවක්
ඇත්ත, තමන්ගේ මුදල් මෙහෙ අරන් ඇවිත් ව්‍යාපාර කරන්නේ මේ රටේ තත්වය ගැන විශ්වාසය තබල, එහෙම එන මිනිස්සුන්ට හොරුන්, මංකොල්ලකරුවන්, රටේ සම්පත් සූරාකන්නන් කියල අපහාස කරන එක තමයි අපේ උන් කරන්නේ. ඔය ව්‍යාපාරිකයන් අලුත් තාක්ෂනය, අලුත් යන්ත්‍ර, මුදල් මේ හැම දෙයක්ම මේ රටට අරගෙන එනවා, එයින් වැඩි වන්නේ මේ රටේ වත්කම්. ඉතින් ඔවුන් ආරක්ෂා කරන්න යයි විශ්‍රාමික ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා කිවූ දේ සත්‍යයි.
ආයෝජකයො කෙසේ වෙතත් කටුනායක පර්යන්තේ හදන්න ආපු ජපන් ආයෝජකයින්ගෙන් කොමිස් ඉල්ලපු නිමල් සිරිපාල වගේ උන්වනම් පණ මෙන් රැක්ක අපි දැක්ක.
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ආයෝජක එමිරේට්ස් ශ්‍රී ලංකාවෙන් එළවා දමන්නේ කවුද? ගෝටා පන්නා දැමීමෙන් පසු ජනාධිපතිධූරය සඳහා ඔබ වන්දනා කළ හිටපු ජනාධිපතිවරයා ඔහුයි. නොමිලේ කතා කරනවා...... ලාබෙට කතා කරන්න
දැනට ඩඩ්ලිවයි ධම්මිකවයි පණ මෙන් සුරකිනවා. අනිත් අයත් ඒ විදියට ආවොත් සලකා බලයි.
කොයි පණ වගේද සීයේ රකින්න ඕන...?
පන මෙන් ආරක්ෂා කරන්න අහගන්න කියන්න බැසිල් ගෙන් සහ නිමල් ගෙන්.