IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ආයේ කමලා එක්ක විවාදයකට යන්නේ නෑ

ඩිමොක්‍රටික් ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස් සමඟ තමන් යළි විවාදයකට නොයන බව, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වීමට නියමිතය. ඇමෙරිකන් දේශපාලනයේ සම්ප්‍රදාය වන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතරේ සජීවී රූපවාහිනී විවාද පැවැත්වෙයි. 

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපති කමලා හැරිස් අතරේ පසුගිය දා සජීවී විවාදයක් පැවැත්විය. එය ට්‍රම්ප් සහ කමලා අතරේ පැවැත්වුණු පළමු විවාදයයි.

එම විවාදය ඉතා උණුසුම් ස්වරූපයක් ගත්තේය. විවාදයෙන් පසු ට්‍රම්ප් පවසා ඇත්තේ, විවාදයේ දී තමන් හැරිස් පරාජය කළ බවය. තමන් හැරිස් සමඟ යළි විවාදයකට නොයන්නේ ද ඒ නිසා යැයි ට්‍රම්ප් අවධාරණය කර ඇත.

එසේ වුවත්, එම විවාදය සම්බන්ධයෙන් පැවැති ජනමත විමසුම්වලින් පෙනී ගොස් ඇත්තේ මිනිත්තු 90 ක කාලයක් තිස්සේ පැවැත් වුණු විවාදයේ දී වැඩි වාසි අත්වූයේ ට්‍රම්ප්ට නොව, හැරිස්ට බවය.

ට්‍රම්ප් චතුර කථිකයකු වුවත්, නීතීඥවරයක සහ නීතිපතිවරියක ලෙස ද පළපුරුද්ද ඇති උප ජනාධිපතිනී කමලා හැරිස්ට ට්‍රම්ප් සමඟ පහසුවෙන් වාද කළ හැකි විය. එය ට්‍රම්ප් අපේක්ෂා නොකළ දෙයක් යැයි ඇමෙරිකන් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

කමලා හැරිස් ඉන්දීය සහිත තැනැත්තියකි. ඇගේ මව ඉන්දියානු කාන්තාවක වන අතර, පියා කළු ජාතික ඇමෙරිකානුවෙකි. හැරිස් නොවැම්බර් 5 ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත්, ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වන පළමු කාන්තාව වන්නේ ඇයයි.



අදහස් (2)

ආයේ කමලා එක්ක විවාදයකට යන්නේ නෑ

sameera Saturday, 14 September 2024 07:51 AM

කමලා හැරිස් ඉන්දීය සම්බවයක් ඇති තැනැත්තියකි. ??????

:       0       0

don Saturday, 14 September 2024 08:07 AM

කමලා හැරිස් ගේ පියා ජැමෙයිකානුාවෙක් ඔහු වැඩි දුර අධ්‍යාපනයට ඇමෙරිකාවට ඇවිත් ඇමෙරිකානු පුරවැසිකම ලබා ගත්තා

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 26 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site