(ඉන්දිකා රාමනායක)
පිස්තෝලයක් සමග පැදියකින් ගමන් කරමින් සිටි සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන "ආමි සුරංග" නැමැත්තා සහ ඔහුගේ ගෝලයකු මුල්ලේරියාව වල්පොල ප්‍රදේශයේ දී ඊයේ (27) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි.
සැකකරු කිසියම් අපරාධයක් සඳහා යමින් සිටියදී ලද තොරතුරු මත රාත්‍රි 8.30 ට පමණ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ගිනි අවියක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් 2020 වසරේ දී ආමි සුරංග නැමැත්තා පෑලියගොඩ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත, ව්‍යාජ පොලිස් හැදුනුම් පතක් සකස්කර භාවිතා කිරීම සම්බන්ධයෙන් 2018 වසරේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත, 2014 වසරේ ජනාධිපතිවරණ සමයේ වැල්ලම්පිටිය උමගිලිය ක්‍රීඩාංගණයේ පැවැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ වේදිකාවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද මොහුට චෝදනා එල්ල වන බව පොලිසිය කියයි
සැකකරු අද(28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
’’ආමි සුරංග’’ ගිනි අවියක් සමග අත්අඩංගුවට
janahitha Wednesday, 28 September 2022 08:55 AM
වෙඩි තැබුවේ කවුරුන් වෙනුවෙන්ද යන්න ජනතාව පැහැදිලිව දන්නවා.
යකාගෙ නීතිය Wednesday, 28 September 2022 12:46 PM
ආමි සුරංග, ‘නේවි සුරංග‘ වෙයිද දන්නේ නැහැ... හංගපු පිස්තෝල හොයන්න ගිහින්...!
fairoos Wednesday, 28 September 2022 01:48 PM
තුන් වතාවක් පොලීසියට අහුවෙලත් තාම එලියෙ