(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආබාධිතයන්ට සැලකිය යුතු ආකාරය ගැන දැනුවත් කෙරෙන වැඩමුළුවක ප්‍රධාන ආරාධිත දේශකවරියක ලෙස සහභාගීවීමට පැමිණි ආබාධිත කාන්තාවකට සෙත්සිරිපාය පරිශ්‍රයේදී එහි නිලධාරීන් බාධා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණය සඳහා වන පාර්ලිමේන්තු සංසදය හෙළා දකියි.
මෙම තැනැත්තිය සෙත්සිරිපාය පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේදී එහි නිලධාරීන් මෙහි නතර කළ හැක්කේ ප්‍රභූවරුන්ගේ වාහනවලට පමණක් බවට ප්‍රකාශ කර බාධා කීරීමෙන් ඇය අපහසුතාවට පත්ව ඇති බව එම සංසද නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක සඳහන් වෙයි.
බොහෝ ආබාධිත පුද්ගලයන් සිය දෛනික ජීවන කටයුතු කරගෙන යාමේදී මෙන්ම ප්‍රජා කටයුතුවලට සහභාගි වීමේදී වෙනස් කොට සැලකීම්වලට මෙන්ම හිරිහැරවලට මුහුණ දෙන බව පවසන එම සංසද ප්‍රවාහන පහසුකම් වැනි අවශ්‍ය ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් ද ආබාධිත ප්‍රජාව දුෂ්කරතාවලට මුහුණ දෙන බව ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික කාලයයි. මුන්ගේ අමාරුව වෙන්න