IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


ආපදා මරණ 635ට වැඩිවෙයි

(නිමල කොඩිතුවක්කු)

දිට්වා සුළි කුණාටුව හේතුවෙන්  දිවයිනට බලපා ඇති ආපදා තත්වයෙන් ඊයේ(08) දිනය වන විට මරණ 635ක් සිදුවී  192 ක් අතුරුදන් වී  ඇතැයි  ආපදා කළමනාකරණ  මධ්‍යස්ථානය පවසයි.

ආපදා තත්වය දිස්ත්‍රික්ක 25 කට අයත් පවුල් පන්ලක්ෂ දොළොස්දහස් එකසීය විසිතුනකට අයත් පුද්ගළයින් දාහත්ලක්ෂහැටහයදහස් එකසීයතුනක් පීඩාවට පත්ව ඇතැයිද එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

ආපදා තත්වය හේතුවෙන් වැඩිම මරණ  මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්ථා වී අතර එම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 234 ක් මියගොස් තවත් 81 ක් අතුරුදන් වී සිටිති.

මෙයට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 89 ක් මියගොස් 37 ක් අතුරුදන්ව ඇති අතර බදුල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 90 ක් මියගොස් 11 ක් අතුරුදන් වී තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 61ක් මියගොස් 11 ක් අතුරුදන්ව ඇති අතර පුත්තලම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 37ක් මියගොස් පුද්ගලයින් 2 ක් අතුරුදන් වී තිබේ.

එමෙන්ම ආපදා තත්වයෙන් මාතලේ පුද්ගලයින් 28ක්, කෑගල්ලේ පුද්ගලයින් 32 ක්, ගම්පහ පුද්ගලයින් 16 ක් සහ කොලඹින් පුද්ගලයින් 9 ක් මියගොස් ඇති බවත් ඔහු සඳහන් කළේය.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන්  දිවයිනට බලපා ඇති ආපදා තත්වයෙන් නිවාස 5325 ක් සම්පූරණයෙන්ම විනාශ වී තවත් නිවාස 81163 ක් අර්ධ හානි සිදුව තිබේ.

පවතින ආපදා තත්වයෙන් පවුල්  22218 කට අයත් පුද්ගළයින් 69861  ආරක්ෂිත ස්ථාන 690ක රඳවා ඇතැයිද කොඩිප්පිලි මහතා  සඳහන් කළේය.

මෙයට අමතරව ඥාති නිවාසවල තවත් පුවුල් සහ පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් රැඳී සිටිති.

දිට්වා සුළිකුණාටුවත් සමග ඇතිවූ අධික වර්ෂාව, පස්කදු කඩා වැටීම්,  ගස් කඩා වැටීම්, තද සුළං, සහ ගං වතුර ඇතුළු තත්වයන් හේතුවෙන් මෙම බලපෑම් එල්ල වී ඇතැයිද ඔහු පැවසීය.



අදහස් (0)

ආපදා මරණ 635ට වැඩිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 348 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 399 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site