
(නිමල කොඩිතුවක්කු)
ආදී වාසී අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කර සිය ගැටලු සම්බන්ධයෙන් නීත්‍යානුකූල විසදුම් ලබා දෙන්නැයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තො අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවී කොලඹදී ඉල්ලීමක් කළේය.
වනාන්තර පරිභෝජනය කිරීම, ජීවනෝපාය උපයා ගැනීම සහ විවිධ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් ආදී වාසී ජනතාව බොහෝ ගැටලුවලට මුහුන පා තිබෙන බවත් මෙම ගැටලු සඳහා නීත්‍යානුකූලව විධිමත් ආකාරයේ විසදුම් අපේක්ෂා කරන බවත් වන්නිල ඇත්තෝ සඳහන් කලේය.
අග්‍රාමාත්‍යවරිය හමුවීමෙන් පසු කොලඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශාලාවේදී අදහස් දැක්වූ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තො සිය ගැටලු සම්බන්ධයෙන් තවදුරටත් මෙසේද පැවසීය.
“දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන මෙරට ආදීවාසි ජනතාව නිදහසු ලැබී රට සංවර්ධනය වීමත් සමග විශාල රැැටලු රාශියකට මුහුන දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ආදී වාසි නායකයන් විවිධ අවස්ථාවල හඬ නැගුවා. ඒ ඒ අවස්ථාවල වාචික විසදුම් ලබා දුන්නත් ආදී වාසි ගැටලු සම්බන්ධයෙන් නීත්‍යානුකූල විසදුම් ලබාදීමට කිසිදු රජයක් කටයුතු කර නැහැ.
අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් ජිනීවා වලට පවා ගියා. කැලෑවේ නිදහසේ ජීවත්විම වෙනුවෙන් නීත්‍යානුකූලව අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සමග සාකච්ඡා කළා. මෙවරත් අපි අගඅග්‍රාමාත්‍යවරිය ඇතුලු රජයේ බලධාරීන් සමග සාකච්ඡා කළා. එහිදී ඔවුන් අපේ ගැටලු සම්බන්ධයෙන් අවධානය විසදුම් ලබා දීමට එකඟතාවය පළ කළා.
ආදිවාසීන් විදියට අපේ රාජකාරිය දඩයම විතරක් නෙමෙයි. ඖෂධ ලබා ගැනීම, අල සහ ගෙඩි ලබා ගැනීම, දර ලබා ගැනීම ඇතුලු දේ සඳහා අපි වනගත වෙනවා. මේ දේ නිසා අපේ අයට නඩු හබ පවා වැටෙනවා. ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත් කේන්ද්‍ර කරගනිමින් ලක්ෂ පහකට අධික ආදිවාසී පිරිසක් ජීවත් වෙනවා. මේ අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන මෙන් අපි රජයෙන් ඉල්ලා සිටිනවා.
මෙම මාධ්‍ය හමුව සඳහා දානිගල මහබණ්ඩාරලාගේ හිංගම්මා ඇත්තෝ, නල්ල තම්බි වේලායුදම්, නාගරත්තිනම් වරදන් යන ආදිවාසී නායකයින් සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නියෝජනය කරමින් එහි ජ්‍යෙෂ්ඨ පර්යේෂක ලයනල් ගුරුගේ මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
2025 නොවැම්බර් මස 21
32
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
146
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
993
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ආදිවාසී නායකයින් නීත්‍යනුකූල අයිතිවාසිකම් ඉල්ලයි
saman Thursday, 23 January 2025 08:55 AM
ලංකාවේ නියම ආදිවාසි සිංහලයෝ
Andy Thursday, 23 January 2025 12:43 PM
කල යුත්තේ වැද්දෝ ටික වනන්තරෙන් එලියට ගන්න එක යි. එයාලට එහෙම කැලේට රිංගන්න කිසිම අවශ්‍යතාවක් නෑ දැන්. වනාන්තර හූරගෙන කෑම සහ වන සතුන් දඩයම් කිරීම වහාම හැමෝටම තහනම් කල යුතුයි. අනික අපි නොදන්නා දෙයක්යැ මෙයාල වනාන්තර වල කරන දේවල් ගැන!