IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


ආදිවාසීන්ගේ ගැටළුවලට මාස තුනකදී විසඳුම

(යොහාන් භාසුර)

ආදීවාසී ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් සකස් කළ පාර්ලිමේන්තු පනත් කෙටුමිපතේ ඉදිරි කටයුතු පිළිබඳව සහ ආදීවාසීන්ගේ මුලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින නීතිමය ගැටළු නිරාකරණය කිරීමට පරිසර අමාත්‍යංශය සංවිධානය කළ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ මෙනෙවියගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තු⁣ සංකීර්ණයේදී පැවැත්විණි.

ආදිවාසී ජනතාවගේ ⁣ඓතිහාසික වටිනාකම පිලිබඳව පැහැදිලි කළ මෙම සාකච්ඡාවට සහභාගී වූ  ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන්, මේ වන විට  ඔවුන් මුහුණ දෙන ගැටලු අග්‍රාමාත්‍යතුමියගේ අවධානයට යොමු කළේය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව සකස් කළ ආදීවාසී අයිතිවාසිකම් පනත පිලිබඳවත්, ආදිවාසීන්ගේ දෛනික ජීවිතය තුළ මුහුණ දෙන ගැටළු පිලිබදවත් පැහැදිලි කළ ආදිවාසී නායකයා, මෙතෙක් පැවති ආණ්ඩු යම් යම් ක්‍රියාමාර්ග ගත්තද සිය ගැටළු වලට නිසි විසඳුමක් නොලැබුණු බවද පෙන්වා දුන්නේය.

ආදිවාසී  ජනතාවේ රටේ ඓතිහාසික වස්තුවක් බවත්, ඔවුන් ආරක්ෂාකරමින් ඔවුන්ගේ අයිතීන් ආරක්ෂාකර දීම අත්‍යවශ්‍ය බවත් මෙහිදී අදහස් දක්වමින් සංස්කෘතික අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා පැවසීය.

පරිසර අමාත්‍යංශය ආදීවාසීන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් අවශ්‍ය නීති රෙගුලාසි සම්මත කරගැනීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු කඩිනමින් කරන බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සදහන් කළේය.

ඒ සඳහා පවතින නීතිමය තත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිලිබදව පරිසර අමාත්‍යාංශයේ සහ වන ජීවී දෙපාරිතමේන්තවේ නිලධාරීහු  මෙහිදී පැහැදිළි කළහ.

ආදීවාසීන් යනු අපේ රටේම ජන කොටසක් බවත්, සියලු දෙනාට හිමිවන අයිතිවාසිකම් ආදිවාසීන්ටද හිමි විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙහිදී පැවසුවාය. ආදිවාසී ජන කොටසක් ලෙස ඔවුන් මුහුණ දෙන ගැටළු අවම කිරීම සඳහා පවතින නෛතික සහ තාක්ෂණික කාරණා පිළිබඳ අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරිය ඉදිරි මාස තුන තුළ ආදිවාසීන්ගේ අයිතිවාසිකම් දිනාදීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නිලධාරීන්ට පැවසුවාය.

මෙම අවස්ථාවට පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් බලගල්ල,  වනජීවි අධ්‍යක්ෂ ජනරාල් සුරියබණ්ඩාර යන මහත්වරු ඇතුළු පරිසර අමාත්‍යංශය හා  විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නියෝජනය කරන නිලධාරීන් සහ ආදිවාසීන් පිරිසක් සහභාගී වූහ. 

 



අදහස් (4)

ආදිවාසීන්ගේ ගැටළුවලට මාස තුනකදී විසඳුම

Toni Thursday, 23 January 2025 12:19 PM

මාස තුනක් කියන්නේ කෙටි කාලයක්ද?

:       3       6

මැක්ස් Thursday, 23 January 2025 04:02 PM

රටක් අන්දපු හරිනි නෝනලාට මේ මිනිස්සු කීපදෙනා මාස තුනේ ටොපියක් දීලා රවටන එක සුළුදෙයක්...!

:       8       5

ඩිනිත් දීපාල් Thursday, 23 January 2025 06:59 PM

රිලව් සූට් ගහලා... ඇත්ත මිනිස්සු හීනමානයක් නැතුව පොළවේ යථාර්ථය අනුව මේ රස්නේ රටේ තමන්ගේ විදියට ඇවිත්... ද්‍රෝහී පච රැල...

:       0       5

Jamal Friday, 24 January 2025 04:11 AM

මාස තුනක් වැනි කෙටි කාලයකින් කියන ලයින් එක මාරයි. ලොක්කාගේම අඩි පාරේ යන අය. පව් ඇති ආදිවාසීන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 349 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 401 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site