
(අංජුල මහික වීරරත්න)
දැනට ලියාපදිංචිව සිටින ආදේශක තැපැල් සහායකයින් 1000 කගේ සේවය ස්ථීර කිරීමට රජයේ අනුමැතිය ලැබී ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අළුතින් තවත් ආදේශක තැපැල් සහායකයින් 1000 ක් ලියාපදිංචි කර ගන්නා බවද අමාත්‍යවරයා කීය.
ඒ අනුව අදාළ බඳවා ගැනීම් සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු නුදුරේ දීම සිදු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට අයත් මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවා කටයුතු පිළිබඳව හදිසි නිරීක්ෂණයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
නිරීක්ෂණයෙන් අනතුරුව මධ්‍යම තැපැල් හුවමාරුවේ වත්මන් කටයුතු, ඉදිරි පියවර සහ පවතින ගැටළු පිළිබඳ නිලධාරීන් සහ සේවක කාර්ය මණ්ඩලය සමග පැවැති හමුවක දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ කරුණු සඳහන් කළේය.
සමස්ත රාජ්‍ය සේවාවේ මෙන්ම තැපැල් දෙපාර්තමේන්තුවේ ද තිබෙන පොදු ප්‍රශ්ණයක් වන සේවක හිඟය සහ ප්‍රවාහන ගැටළු නිරාකරණය සඳහා දැනටමත් පියවර ගනිමින් සිටින බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
වසර 200 ක පමණ ඉතිහාසයක් සහිත තැපැල් සේවාවේ උපතැපැල් කාර්යාල දක්වා ආදායම් ඉලක්ක ලබාදීම, නව සේවාවන් හදුන්වා දීම, නව තැපැල් කාර්යාල ආරම්භ කිරීම හා නවීකරණය කිරීම ආදී වශයෙන් වූ නවීකරණ කටයුතු සිදු කරමින් පවතින බව අමාත්‍යවරයා කීය.
2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2123
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1614
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආදේශක තැපැල් සහායකයන් දාහක් ස්ථිර වෙයි