
(අජන්ත කුමාර අගලකඩ)
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව මහජන සභාව නමින් ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක නායකයන් තීරණය කර ඇත .
ඒ අනුව, මෙම රැස්වීම ලබන 29 වැනිදා කොළඹ දී පැවැත්වීමට තීරණය කර ඇති බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක නායකයෙක් සඳහන් කළේය .
යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් ටිරාන් අලස් මන්ත්‍රීවරයාගේ කාර්යාලයේ දී පෙරේදා (23) රැස්වූ බවත් ,එහිදී මෙම තීරණය ගත් බවත් හෙතෙම සඳහන් කළේය .
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි , අමාත්‍යවරුන් වන වාසුදේව නානයක්කාර, විමල් වීරවංශ ,උදය ගම්මන්පිල ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ, ඒ එල් එම් තාවුල්ල ,අසංක නවරත්න, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග ,වීරසුමන වීරසිංහ , කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර යන මහත්වරුන් සහභාගි වී ඇති මෙම සාකච්ඡාව පැය පහක පමණ කාලයක් තිස්සේ පැවති බව වාර්තා වේ .
මේ අතර , යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන්ගේ අත්සනින් යුත් ඒකාබද්ධ ප්‍රකාශයක් අද හෙටම නිකුත් කිරීමටත්, පක්ෂ නායකයන් හා ඛනිජ තෙල්, විදුලිබල මණ්ඩල සහ වරාය වෘත්තීය සමිති නායකයන් අතර සාකච්ඡාවක් හෙට දිනයේ දී කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වීමටත් එහිදී තීරණය කර ඇත .
COMMENTS
මේ සෙට් එක පාරට වැටෙන්න ඔන්න මෙන්න !
මේ කරන්නෙ සටනක් නොවෙයි පීලි පැනපු කෝච්චිය පීලි ගත කිරීමට උත්සාහයක් .කෝච්චිය පීල්ලට ගන්න බැරි වුනත් 1970 සිටම අපි හොදින්ම දන්නා වාසු නම් ආණ්ඩුවෙන් යන්නෙ නැහැ පුද්ගලික ඡන්ද පදනමක් නැති විමල් පිල වුනත් පොහොට්ටුවෙන් නම් යන්නෙ නැහැ.
මේවට හිනාවෙන්නෙ කොහෙන්ද..? මහා ලොකු දේශප්‍රේමින්..... අලුත්ම මෙගා නාට්‍යයක් පටන් ගන්න සුදානමක්.
රටේ විනාශයට පාර කපලා දීලා දැන් බොරු සංදර්ශන පවත්වනවා .මෙයාලගේ චන්ද ටික රැකගන්න පොහොට්ටුවට චන්දෙ දුන්නත් මෙයාලටනම් කවුරුත් චන්දයක් දෙන එකක් නෑ
අලුත්ම නාට්‍යයක්. අපි තව රැවටෙන්න ඕනෙද මේ ජඩ කපටියන්ට උන්ගේ පැවැත්ම වෙනුවෙන්.
රතන හිමි යන පැත්තම ඉවරයි.
අර හිටගෙන ඉන්න හාමුදුරුවෝ රතන හිමි නේද?
ඔක්කොම උප්පරවැට්ටි දාලා, ජනතාව ගොනාට අන්දලා, ජාතිවාදය අවුස්සලා,2/3 ත් ලබාදීලා අන්තිමට ආයෙත් පාරක් රට හා ජනතාව ගොනාට අන්දවන්නයි මේ පවතින සූදානම. ඒත්, මෙදාපාර නම්, ජනතාව ගොනාට අන්දවනවා බොරු ... දැන් මිනිසුන් ඇත්ත දන්නවා හොඳහැටි.. ගිරිය පුප්පං දෙසාබාන බේගල්, බොරු පිරුණ ඊනියා ජාතිවාදය, නැති උගත්කම පෙන්නීම ගැන දැන් ජනතාව හොඳහැටි කරුණු කාරණා දනී. දැන් නම් ඔබලාට පැවැත්මක් ඇත්තේම නැත. බොරුව වංචාව කපටිකම සැමදා දිනන්නේ නැත. බොරුකාරයන්, වංචාකාරයන් හා කපටින්ට පැවැත්මක් ඇත්තේ ජනතාව සත්‍ය දැනගන්නා තෙක් පමණය. ජනතාව දැන් හොඳහැටි සත්‍යය අවබෝධ කොට ඇත. ඒත්, දුර්වල විපක්ෂයත් හා විපක්ෂ නායකයෙකු සිටින රටක වෙනත් ශක්තිමත් නායකයෙකු පෙනෙනතෙක් මානයක නැත. කවුරුත් දඟලනුයේ පවතින දුර්වලතා දඩමීමා කරගෙන කෙසේ හෝ බලයට පැමිණීමට ය. ඒත්, රටට අවශ්‍ය වනුයේ, රටට ජනතාවට සැබෑ ලෙසම ආදරය කරන නායකයෙකි. එවන් අයෙකු මේ රටේ සිටීදැයි සිතේ. බලය වෙනුවෙන් ජනතාව රවටන තවත් අය නැවත අවශ්‍ය නොවේ. අපි මහා අවාසනාවන්ත මිනිසුන් පිරිසක් වෙමු. ඒත්, හැඟීම් වලට වහල් නොවී, අවේගශීලී නොවී බුද්ධිමත්ව සිතමු. කොයි පක්ෂයේ හෝ රැවටිලි කාරයන්ට, බොරුකාරයන්ට තිත තියමු.
මොන සටන්ද, මේ මිනිස්සු අන්දන්න තව වටයක් ලැස්තිවෙනවා, එන ඡන්දෙ බලා ගෙන. ජනපති කිව්වොත් බහින්න එලියට කියලා යන්න තැනක් නෑ. මේ අය මේවා කරන්නෙ අප්පච්චිගෙ ආශිවාර්දය යටතෙ.
දැන් හරි ටිකක් මොලේ පෑදිච්ච එක ලොකු දෙයක්. එසේ නොකලහොත් ඔබලාගේ මිනී වලටවත් හෙණ ගසන්නැයි අනාගත පරපුර පවා සාප කරාවි. කෙසේ වෙතත් , දැනුත් ඔබලාගේ අනුහසින් මෙරට පාලනය කල පාලක පක්ෂ දෙකම මේ රටට කර ඇති වින්නැහිය සුලු පටු නැත.
ආණ්ඩුව කීයක් ගෙවනව කිව්වද මේ රඟපෑමට?
බොරු සෝබන. අන්තිමට සුවච කීකරු අය වගේ නකුට වනවනා ඉඳියි.
හා... මේ ඇත්තන්ට දීර්ඝ නින්දකින් පස්සේ ඇහැරිලා තියෙන්නේ.
දැන් තෙල් නැති වෙන්න යන නිසා මෙගොල්ලේ ඒකතුවෙලා වර්ජන කරලා. තේල් නැති උනේ වර්ජනය නිසා කියන්නයි ඔය ලෑස්ති වෙන්නේ.
ඔයාලා ඔක්කොම එකයි. ඔක්කොම යාලුවෝ. මේවා නාටක. අපි රැවටෙන්නේ නැහැ.
මැක්කෝ උනාම දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න ඕන. 20ට ඇත උස්සද්දී ඔය චන්ඩිකම් කොහෙද තිබුනේ.?
මේක තමයි මේ පැයේදී වෙන්න ඕන ගුරුවරුන්ට රුපියල් 2000 ක් දෙන්න බැහැ වගාවට අවශ්‍ය පොහොර ටික ගෙන්න බැහැ හම්බන්තොට ෆෝමියුලා ට්‍රැක් හදන්න පුළුවන් ඔක්කොම එකතුවෙලා පාරට බැහැල මේ ජනපීඩක අය එලවන්න ඕන හැබැයි ඉතින් මේ විනාසෙට ඔය දැන් සාකච්චා තියන හාදයොත් වගකියන්න ඕන.
මේක නිකම් දේශපාලන නාටකයක්. මේ බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට දීම ගැන මනෝජ් අබේධීර මහතා පූර්ණ විස්තරයක් කර තිබුණා. එය කියවා සියලු දෙනා සත්‍ය තේරුම් ගනිත්වා !
රස්සාවල ඉන්න කට්ටිය දිහා බලන්න. ඊළඟ ඡන්ද පොරොන්දුත් යන එනමන් නැති අය නේද.?
විමල් මොනවද කිව්වේ ඡන්ද ගන්න. ඒ කිව්ව චන්ඩි කතා වලින් 1%ක් වත් තියෙනවද දැන්.
මේ අය ගහලා පන්නන්න ඕන අය.
මේව පුස් වෙඩි. ඒ් කියන්නේ බොරු රඟපෑම් විතරයි.
රතන හිමිගේ ලනු කාලා රට තව මාස කීපයකින් සාගිනි රටක් වෙනවා.
වෙස් මුහුණු බැඳන් ආවට නැහැ අපි රැවටෙන්නේ
නඩු බරගානක් අතේ තියාගෙන රාජපක්ෂලාට විරුද්ධව ඒ නාමික දේශප්‍රේමින් කතා කරාවිද.?
අපිව මුලා කරන්න හැමදාම බැහැ.
හහ් හහ් හහ් හා.. චීනෙ නම් කමක් නෑ ඉතින්
ඊයේ සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා පැවැත්වූ අතර අද මාධ්‍ය හමුවක් පැවැත්වුවා. මෙය උත්සාහ කරන්නේ ඔවුන් වත්මන් රජයට එරෙහිව යන බව පෙන්වීමට සහ ඉදිරි මැතිවරණයට සූදානම් වී ඡන්ද එකතු කර කණ්ඩායමට ආපසු යාමට ය. තවත් නාට්‍යයක් සහ ජනතාව රවට්ටනවා.
හොඳ නාටක මේවා
මේගොල්ලෝ මේ අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහන්න හදනවා.
ඥානසාර හාමුදුරුවොත් එක් කරගත්තොත් නරකද ?
අපේ විදුලි බලය ඇමරිකාවට පවරනවා කියන්නේ ,මුළු රටම මුළු ජීවිතයම අඳුරේ
නැවත වටයකින් බොරුව වැපිරීමට ,ජනතාව නැවතත් අතරමන් කිරීමට ලෑස්තිය
පිල් මාරුවකට පෙර සූදානමක්ද? ඒව හරියන් නෑ මෙදා පොටේ
මුන් ඔක්කොම ඇවිල්ලා රෑ ඩැනියෙල් දවල් මිගෙල් සෙට් එකක්. වහපු කාමර ඇතුලෙ හරි සර් ඔව් සර් ගාලා , දෙකට තුනට නැමිලා ඔළුව වනලා, එළියට ඇවිල්ලා පපුවට ගහ ගෙන සිංහ ටෝක්ස් දෙනවා
මගෙන් වැඩක් නෑ ... මම ආවේ සීනි කිරන්නවත්, හාල් මනින්නවත් නෙවේ කියල කට ගන්න ලැබුනේ නෑ... ආවා... ආවා... අලුත්ම නාට්‍යය ආවා...හිනාවෙවී නරඹමු...
කනට ගහලා අලියට දාන්ඩ කලින් නම්බුව බේරා ගන්න වගේ
මේ අයගේ විරෝධතා කතන්දරය වෙනම දෙයක්... හැබැයි ආණ්ඩුව කරන්න යන්නේ මහ භයානක වැඩක්... ඔය කොටස් විකිණුවාම වෙන්නේ ඔය කියන සමගම් ලාබය අරන් යන්නේ රුපියල් වලින් නෙමෙයි මේ අපි හිඟාකාලා වගේ හොයා ගන්න ඩොලර් වලින්... ඊටත් වඩා භයානක කාරණේ තමයි අනික් ගිවිසුම් දෙක... ඒවා අත්සන් කළාම අර තෙල්වලට ඒ කාලේ හෙජින් ගහලා කර ගත්තු මහා අලාභය වගේ කරුමයක් සදහටම අපේ රටට පැටවෙනවා. මොකද ඊට පස්සේ අපේ සියලුම බලාගාර වලට LNG ගෑස්ගන්න වෙන්නේ ඔය කියන සමාගමෙන් පමණමයි. ලෝකේ තියා අපේ රටේ වුණත් ලාබෙට ගෑස් තිබුණත් ඒවා පාවිච්චි කරන්න තහනම්... අපිට ඇතිතරම් වර්ෂා ජලය ලැබිලා ගෑස් ගබඩා අතිරික්ත ගෑස්වලින් පිරිලා ගෑස් අනවශ්‍ය වුණත් අපි ඔවුන්ට සල්ලි ගෙවන්න ඕනෑලු... අනික ඔය සමාගමට එරෙහිව නඩු යන්න අපේ උසාවි වලට බැහැලු. එ්කට යන්න ඕනෑ බ්‍රිතාන්‍යයේ කොහෙද තියෙන වාණිජ උසාවියකටලු... ඉතින් එහෙම බැලුවාම මේක අපේ ඊළඟ පරපුරට කරන මහා විනාශකාරි අපරාධයක්. එ් නිසා ඔය කමෙන්ට් දාන අය ඔය ගැනත් හිතන්න...