
(අංජුල මහික වීරරත්න)
අඩු මුදලකට පුනර්ජනනීය බලශක්ති විදුලිය නිෂ්පාදන හැකියාව තිබිය දී රජය තාප, ගල්අගුරු හා ඉන්ධන බලාගාර මාෆියාවකට හසුවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටේ ජනතාවට බලශක්තිය සැපයීම, අඩු පිරිවැයකින් ඒකකයකට අඩු මුදලක් අය කිරීම සෑම රජයකම වගකීම බව කී විපක්ෂ නායකවරයා අඩු මුදලකින් විදුලිය නිෂ්පාදනය කළ හැකි හොඳම ක්‍රමවේදය පුනර්ජනනීය බලශක්තිය බව සඳහන් කළේය.
ජල විදුලි, සුළං හා සූර්ය බලයෙන් විදුලි නිපදවීමේ දී අඩු පිරිවැයක් වැය වන බවත් මෙම අඩු පිරිවැයකින් නිපදවන විදුලිය විදුලි පාරිභෝගිකයන්ට අඩු මුදලකට ලබා දිය හැකි බවත් කී ප්‍රේමදාස මහතා වැඩි මිලකට නිපදවන බලශක්තිය ලෙස ගල් අගුරු බලාගාර, ඩීසල් බලාගාර, තාප බලාගාර හැඳින්විය හැකි බව සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මීගමුව ආසනයේ පෙරියමුල්ල කොට්ඨාසයේ ජනතාව දැනුවත් කිරිම සදහා පැවැති ජනහමුවක් අමතමිනි.
COMMENTS
ගැලරියට කතකරන්න එපා. විපක්ෂ නායකයා නේද? මොනවාද මේ දොඩවන්නේ? ඔය කරුණ ගැනවත් හරි තොරතුරක් දැන ගන්න බැරි ඔබතුමා කොහොමද රටක් පාලනය කරන්නේ...?
ආ... ඒකට කමක් නෑ. ඔයාගේ වැඩක් ඔයා බලාගන්න...
විදුලි බල මණ්ඩලයේ හොරු රෑනට එන එන ආණ්ඩු අහුවෙනවා. මේ ආණ්ඩුව අහුවුණේ හරි පහසුවෙන් . මොකද බොරු කියනවා වගේ ලේසි නෑ අවබෝධයක් ඇති කරගන්නා එක...
OMG මෙතෙක් කල් ආණ්ඩුවල විපක්ෂයේ ඉඳලා දැන් තමයි මෙයා මේ ගැන දැනගෙන තියෙන්නේ. පුදුමයිනේ.
මාෆියාවට සම්බන්ධ උන් තමයි අර මණ්ඩලවල ලොක්කෝ, ඔවුන්ට ඇමැතිත් සම්බන්ධයි වගේ. මොකද කලින් ආණ්ඩුව කිව්වනේ රටේ ආදායම් ගෙනෙන්නේ නැතිව පිටරට හන්ගන් ඉන්න අය, බදු හොරු අල්ලලා අදාළ බදු අය කරගන්නවා කියලා. ඒත් කෝ ඒ සම්බන්ධයෙන් ගත් පියවර...?
දන්න දේයි, නොදන්නා දේයි නොදන්නා විපක්ෂ නායක...!
අපි මාලිමාවේ සියලුම මාෆියා වලට යටයි. 2024 දක්වා ඒවාට සහයෝගය දීලා වර්ධනය කලේ විපක්ෂ මාලිමාව...
තාප බලාගාර මාෆියාවක් නොවේ. විදුලිය උත්පාදනය සඳහා භාවිතා කරන ලාභදායී, කාර්යක්ෂම යාන්ත්‍රණයක් බැසිල් මහත්තයත් එක්ක ඩුබායි ඇවිත් බලන්න.
ඉතින් වැඩබැරි ගොයියාට ප්‍රශ්නයක්ද? හොරා කෑවා නම් නේද ප්‍රශ්නයක් වෙන්නේ. පොඩි වැරැදීමක් වෙන්න බැහැ. ඉක්මනට මයික් එක ඉස්සරහට එනවා. ඔබලාගේ... කාලේ වුණු අපරාධ, දූශණ... ඒවා දැනගෙනත් කටවහගෙන හිටියනේ. මාලිමාව එළියට දානකම් මුළුරටම දන්නේ නැහැ. ඉතින් ඔය කියන විදියට... ඇයි ජනතාවට ගල් අගුරු වලින් කටි හපලා හරි දුන්නේ නැත්තේ...? දුන්නෙම ගිනි අඟුරු ට්‍රිලියන ගණන් හොරා කාලත් ඔබලාට ලැජ්ජාවකුත් නැහැ ප්‍රශ්නයකුත් නැහැ. දැන් පොඩි දේටත්... උඩු බුරන්නේ... ජනතාව උසි ගන්නලා බලය ගන්නද? අපෝ හිතන්නවත් එපා. මාලිමාවෙන් පස්සේ වෙන හොරෙක්, නූගතෙක්... ඉදිරිපත් වෙන්න කලින් නැවත එන්ගලන්තයටම බාරදෙන්න ඕනෑ.
මුන්නැහැට කව්රුහරි කියලා දෙන්න. වැඩි ඉල්ලුමක් තියෙන වෙලාවට ඉර බැහැපු නිසා පුනර්ජනනීය විදුලිය නැහැ කියලා, ඒ වෙලාවට ඩීසල් ගල් අඟුරු පිහිට ගන්න වෙනවා කියලා, සූර්ය විදුලිය ගබඩා කරන්න ක්‍රමයක් හදපු දාට ඔබතුමා කියපුවා නිවැරැදි ඇති. රටේ කර්මාන්ත පද්ධතිය දියුණු දාට දවල්ට හැදෙන සෝලා විදුලියට ඉල්ලුමක් ලැබෙයි.
ඉතින් ඔයාලා බලයේ ඉන්නකොට කරන්න තිබ්බානේ. එහෙම නොකලේ ඇයි කොමිස් ගහන්න බැරිකමටද නැත්නම් ප්‍රායෝගිකව කරන්න බැරිකමටද?