
(නිමල කොඩිතුවක්කු)
ආණ්ඩුවේ ආර්ථික උපදේශකවරයා ලෙස කටයුතු කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල බැවින් ආණ්ඩුවේ ආර්ථික උපදේශකවරුන්ට වැටුප් ගෙවමින් නඩත්තු කිරීමේ කිසිදු ප්‍රයෝජනයක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී පැවැසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන සියලු දේ ආණ්ඩුව සිදු කරන නිසා ආණ්ඩුවේ ආර්ථික උපදේශකවරුන්ට කිසිදු කර්තව්‍යක් නොමැතිව නිකරුණේ සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කිරීමට මෙන්ම රටේ ආර්ථික ප්‍රශ්න වලට පිළිතුරු සෙවීමට දක්ෂ ආර්ථික කණ්ඩායමක් සිටින එකම පක්ෂය බවට සමගි ජන බලවේගය පත්ව ඇතැයිද රහුමාන් මහතා කීවේය.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මේ බව සඳහන් කළේය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උදව්වෙන් යම් ආර්ථික ස්ථාවරයක් රට තුළ තිබුණත් රටේ දේශපාලන ස්ථාවරභාවයක් නැති බවත් රටේ ආර්ථිකය ගොඩගන්න විකල්ප වැඩසටහන් සමගි ජනබලවේගයට තිබෙන බවත් රහුමාන් මහතා කීය
2025 නොවැම්බර් මස 04
95
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘‘ආණ්ඩුවේ ආර්ථික උපදේශකවරුන් අවශ්‍ය නෑ‘‘