IMG-LOGO

2024 මැයි මස 06 වන සඳුදා


ආගමික සංහිදියාව රකින්න විශේෂ පොලිස් ඒකකයක්

(අංජුල මහික වීරරත්න)

ආගමික සංහිදියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳව සොයා බලා ක්‍රියාත්මක වීමට වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ පොලිස් ඒකකයක්  ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

පසුගිය කාලය පුරාම මෙවැනි කණ්ඩායම් රටෙි තැන් තැන් වලින් මතුවූ අතර ඔවුන්ගේ මෙම ක්‍රියා  ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම වෙනුවෙන්  සංවිධානාත්මකව කරන ක්‍රියාවක් මිස අහඹු ක්‍රියා නොවෙියැයි  ජනාධිපතිවරයා වෙත ලැබුණු බුද්ධි තොරතුරු වලට අනුව මෙම  කඩිනම් තීරණය ගෙන ඇත.

අදාල  බුද්ධි තොරතුර ලැබීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාට අද (29) උපදෙස් දෙනු ලැබූවේ  පොලිස්පතිවරයා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට කඩිනමින්  අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

ඉතිහාසයේ නොවූ විරූ අයුරින් රට දරුණු ආර්ථික අස්ථාවර තත්ත්වයකට මුහුණ දී තිබූ අවස්ථාවෙි එම තත්ත්වය අසීරුවෙන් ස්ථායීකරණය කරමින් ඉදිරියට ගමන් කරවීම ඇරැඹුමෙිදීම ආගමික සංහිදියාව බිද දමමින් ජන කොටස් අතර විරසකයක් ඇති කොට යළි රට කඩා වැට්ටවීමට උත්සායක් ක්‍රියාත්මක  බවට ජනාධිපතිවරයාට ලැබුණු බුද්ධි තොරතුරින් කරුණු අනාවරණය වී ඇත.

මෙවැනි කඩාකප්පල් ක්‍රියා සම්බන්ධයෙන් අවධානයෙන් සිටිමින් ආගමික සංහිදියාවට බාධාවන කරුණු සමාජයට පැමිණීමට පෙර එ්වා වලක්වා ගැනීමේ වගකීම අලුතින්  ස්ථාපිත කෙරෙන නව පොලිස් ඒකකයට පැවරෙන්නේ ය.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඉතා කඩමින් නව පොලිස් ඒකකය පිහිටුවන බව ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක සාගල රත්නායක මහතා පැවසීය.



අදහස් (9)

ආගමික සංහිදියාව රකින්න විශේෂ පොලිස් ඒකකයක්

මහේන් ජයවර්ධන Monday, 29 May 2023 12:57 PM

ආගමික ස්ථානවලින් ලවුඩ්ස්පීකර් - බෆල් මඟින් සිදුකරන මහජන පීඩාව නවත්වන්න.

:       1       2

Sam Monday, 29 May 2023 01:29 PM

දැන් මීලග මැතිවරණට අවශ්‍ය වටපිටාව සකස්කරමි යනවා , ජයවේව මගේ මවුරට

:       1       6

පුරවැසියා Monday, 29 May 2023 02:13 PM

අපේ රටෙ මිනිස්සු කොහොමත් සංහිදියාවෙන් තමයි හිටියෙ . භාශා පනත් ගෙනැල්ලා, පුස්තකාල ගිනි තියලා , පන්සල් පල්ලි වලට බෝම්බ ගහලා උතුර දකුණ් ගිනි තියලා මුලු රටම ලේ විලක් කලේ සුද්දාගෙන් ‍‍රට භාර ගත්ත කාලකණ්නි තමයි. මෙච්චර මැරිලත් මේ පිසාචයන්ගෙ ලේ පිපාසෙ සංසිදිලා නෑ. මුන් මැරෙන මොහොතේ හරි හෙන ගහන්න ඕනෙ මුන්ට

:       0       18

fairoos Monday, 29 May 2023 02:13 PM

එක හොන්දයි..නැත්නම් රාජපක්ශලට ආන්ඩු බලය ගන්න පුලුවන් එකම ක්‍රමය ආගම් වාදය පමනයි..ණන්දසේන ආගම් සන්හිඳිහිඳියාව නැතිකරල රටත් නන්නතාර කරල අන්තිමට එයත් නැතිඋනා

:       3       5

anura Monday, 29 May 2023 05:09 PM

ආගමික සංස්ථා තිබුණාට කමක් නැහැ. ඒ වුණත් මහජනතාවට හිරිහැර වන පරිදි මහජන පොදු දේපලවල බලහත්කාරයෙන් එක එක ඒවා අටවා ගැනීමත්, කන්වලට නිදහසක් නැති ආකාරයට බලහත්කාරයෙන් ප්‍රචාරයන් මිනිසුන්ගේ ඔළුවලට රිංග වීමට උත්සාහ කිරීමත් නැති කරන්න. කොහොමටත් මේ රටේ නිදහස ගැන බලාපොරොත්තු තියාගන්න අමාරුයි.

:       0       0

ගමේ එකාලා Monday, 29 May 2023 05:16 PM

බලලෝභී, දූෂිත දේශපාලුවන් හදන ආගමික සංහිඳියාව. ඔවුන් තමයි ආගම, ජාතිය ඉස්සරහට දාලා මේ රට කෑවේ...

:       0       6

දාස Monday, 29 May 2023 05:51 PM

මේකත් ඔතැනම තමයි ඉන්නේ.., මෙයයි රාජපක්ෂ නඩෙයි දෙකම එකයි. මිනිස්සු මෙයාව හොදට අඳුරනවා, පාස්කු ප්‍රහාරයෙන් පස්සේ...

:       2       6

Rata Perata Monday, 29 May 2023 08:13 PM

මේ ජවනිකා අංක 2... රටවල් නම් හැදෙයි මේ වගේ අය එක්ක...

:       1       3

Samitha S. Aluthgamage Tuesday, 30 May 2023 07:20 AM

ආගමික සංහිඳියාව ඇතිකරන්න ඕනේ ඒ ඒ ආගමික නායක හිමිවරුන් හා ඒ ඒ පූජ්‍ය උතුමන්ලා විසිනුයි. එයට රජය සහාය දීමයි කළයුතු වන්නේ.කොයි දේශපාලකයනුත් හදන්නේ,රටේ පවතින මේ වැනි ප්‍රශ්න දඩමීමා කරගෙන තමන්ගේ ඡන්ද පදනම ස්ථාවර කරගන්නටයි. ඒක තමයි ඇත්ත.පොලීසියේ හොරුන් ඉන්නවා.ඇතැම් පොලිස් නිලධාරීන් කළ කී දේ ගැන අමුතුවෙන් කිවයුතු නැහැ.රටේ පොලීසිය හරිහැටි හදාගන්න බැරි පොලිස්පති හා රජය මේ වැනි භාරදූර දේ කෙසේ කරන්නද ? ජෙරම්,නතාෂා හා තවත් අය ගැන නිසි පරිදි ක්‍රියාකල යුතුයි.එහි විවාදයක් නැහැ. ඒත්,දේශපාලනය කරන භික්ෂූන් ගැන,බුදු දහමට අපහාස කළ තවත් බලවත් අය ගැන මේ රටේ බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා නිසි අයුරින් ක්‍රියා කිරීමට කටයුතු නොකරන්නේ ඇයි? වරද කව්රුන් කළත් වරදමයි.එහෙත්,අද වගකිවයුතු අය අලි යන විශාල පාරවල් වහන්නෙ නැහැ. කූඹීන් යන පාර වහනවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

රට යවන ශාක වලට සහතික දෙන තැනක් ගාල්ලේ අරියි
2024 මැයි මස 06 20 0

විදෙස් රටවලට ශාක කොටස් සහ ශාක ආශ්‍රිත නිශ්පාදන යැවීමේ දී අවශ්‍ය කරන නිරෝධායන සහතික නිකුත් කරන මධ්‍යස්ථානයක් ගාල්ලේ දී විවෘත කෙරිණි.


චීන ජනාධිපති යුරෝපා සංචාරයක් අරඹයි
2024 මැයි මස 06 202 0

චීන ජනාධිපති ෂී ජින්පින් යුරෝපා සංචාරයක් ආරම්භ කරමින්, ප්‍රංශයේ පැරිස් අගනුවර බලා පැමිණියේය. චීන ජනාධිපතිවරයා මෙසේ යුරෝපා සංචාරයක් ආරම්භ කළේ වසර පහක


අල්ජසීරා ඊශ්‍රායලයේ විකාශන-මෙහෙයුම් අත්හිටුවයි
2024 මැයි මස 06 232 0

ගාසා යුද්ධය අවසන් වනතෙක් අල් ජසීරා පුවත් සේවයේ ඊශ්‍රායල විකාශන කටයුතු සහ මෙහෙයුම් අත් හිටුවීමට එරට රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


ලයිට් බිල තව අඩු කරන්න ආර්ථික කමිටුවෙන් නිර්දේශයක්
2024 මැයි මස 06 636 0

විදුලිය බල මණ්ඩලය පසුගිය මාස තුනේදී රුපියල් කෝටි 8200ක ලාභයක් උපයා ඇති හෙයින් විදුලිය බිල තවත් සියයට 20කින් පමණ අඩු කරන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිර


රජයේ ලොක්කෝ වාහන පර්මිට් තුට්ටු දෙකට විකුණලා
2024 මැයි මස 06 1244 0

රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් දෙසීයකට වැඩි පිරිසක් කලකට පෙර තමන්ට රජයෙන් ලබාදී තිබූ තීරු බදු රහිත වාහන බලපත්‍රය ආර්ථික දුෂ්කරතා හේතුවෙන් රුපියල


බිත්තර ආනයනය නැවත අරඹයි
2024 මැයි මස 06 308 0

දේශීය බිත්තර මිල අඛණ්ඩව ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් බිත්තර ආනයනය කිරීමට අනුමැතිය දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 502 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1960 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1718 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site