IMG-LOGO

2024 මැයි මස 06 වන සඳුදා


ආගමික අපහාස ගැන ආණ්ඩු පාර්ශවයෙන් ප්‍රකාශයක්

(අංජුල මහික වීරරත්න)

ආගමික භේද ඇති කරමින් ජාතික ආරක්ෂාවට එල්ල වන තර්ජන රජය දැඩිව මර්දනය කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

ජාතිවාදය ආගම්වාදය පැතිරවීමේ ක්‍රියා සක්‍රීය වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිසේත් ඉඩ නොදෙන බව ද අබේවර්ධන මහතා අවධාරණය කළේය.

කොළඹ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය. වැටුණු රට ගොඩනැගීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට බාර ගැනීමේ මූලික අරමුණ බව කී අබේවර්ධන මහතා සියලු මහජන නියෝජිතයන්ගේ වගකීම සියලුම දෙනා ජාතික එකඟතාවයකින් යුතුව කටයුතු කිරීම බව පැවසීය.

පසුගිය කාලයේ ඇතැම් පුද්ගලයන් පෞද්ගලික තීන්දු තීරණවලට මුල් තැන දෙමින් කටයුතු කිරීම නිසා ජපානයට ලංකාව සම්බන්ධයෙන් ඇති වී තිබුණු සැකය සහ අවිශ්වාසය දුරු කොට නැවත විශ්වාසය ඇති කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජපාන සංචාරය ඉවහල් වූ බවද අබේවර්ධන මහතා අවධාරණය කළේය.

නිදහසින් පසුව වසර 75 ක් රටේ කිසිම නායකයකුට ජාතික වැඩසටහනක් දීර්ඝකාලීනව ක්‍රියාත්මක කරන්න අවස්ථාව උදාවී නැතැයි කී අබෙිවර්ධන මහතා එවන් සෑම අවස්ථාවකදීම කෙටි කලකදී ඒ නායකයා මරා දැමීම නායකයා අකාලයේ දේශපාලනයෙන් සමුගැනීම වැනි දේ නිසා ශ්‍රී ලංකාව අස්ථාවරභාවයකට පත්වී තිබෙන බව සඳහන් කළේය.

 



අදහස් (6)

ආගමික අපහාස ගැන ආණ්ඩු පාර්ශවයෙන් ප්‍රකාශයක්

විපරමා Sunday, 28 May 2023 05:29 PM

බලලෝබි දූෂිත දේසපාලුවො කෙරුවෙත් ජාති බේද,ආගම් බේද ඇති කරලා ජනතාව කුපිත කරවලා බලයට එන්ඩ ගේම් ගහපු එක .

:       0       3

Channs Sunday, 28 May 2023 06:39 PM

ඔබ හරි. අපේ පිනට බිහිවූ පුතෙක්

:       3       1

Channa Sunday, 28 May 2023 06:52 PM

චන්ද බා ගන්න පුලුවන් වේවිද?

:       1       1

anura - galle Sunday, 28 May 2023 07:49 PM

අනේ පලයන් පිස්සු පිනෝ.මේකා මහජන චන්දෙකින් ආවානම් කොහොම හිටියිද.කොන්ද පනතියෙනවානම් , වරෙන් චන්දෙකට. චන්දෙන් පස්සේ ගෝල්ෆේස් එකට ගෙනත් හම ගලවන උන්ගේ ලිස්ට් එකේ රනිල් ගාවට ඉන්නේ උඹ බව දැනගෙන පුරසාරම් දොඩවපන්.

:       0       2

සසර Monday, 29 May 2023 07:19 AM

දේශපාලන බේද ඇති කරමින් වසර 75ක් තිස්සේ ජාතියම විනාස කලේ ඔයාලාගේ පංතියේ අයයි වජිර. දැන් මිනිස්සුන්ට වැලේ වැල් නෑ. කෝ එහෙමයි කියලා ඔයා ලංගමේ ගමන් ගියාද ? නෑ. මහජන පොලට ගිහින් බඩු ගත්තාද ? නෑ. කොටින්ම කියතොත් ඔයාලා මහජනතාව අතරට ගියේ නෑ. ඒ උනත් මොකක් හරි සම්ප්‍රප්පලාපයක් දාලා නිව්ස් මවනවා. මීට වඩා හොදා තන්තිරිමලේ දුශ්කර ඉස්කෝලෙක ලමයින්ගේ දක්ශතා පත්තරේ දැම්මානම්. මාධ්‍ය මල්ලිලාත් මේකට 50% වග කියන්න ඕනා.

:       1       6

සත්‍ය ගවේෂී. Monday, 29 May 2023 12:41 PM

එතකොට අර එක්කෙනෙක් කිව්වේ, සිවුරු දාගත්ත බට්ටෝ කියලා.. ඒක අපහාසයක් නෙමේද වජිර... ඔබලා මොන පිදුරු ගස්වල එල්ලෙන්න හැදුවත් ඔබලා ජනතාව ප්‍රතික්ෂේප කළ අය බව අමතක කරන්න එපා...

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

මැයි රැලියට පාන් අරන් බේකරියට පොලු තියලා
2024 මැයි මස 05 573 0

විරුද්ධ දේශපාලන පක්ෂයක දකුණු පළාතේ ප්‍රධාන නගරයක පැවැත්වූ මැයි දින රැලියකට රක්වාන මැතිවරණ කොට්ඨාසයෙන් සහභාගී වූ පාක්ෂිකයන්ට උදේ ආහාරයට ලබාගත් පාන්


කුලියාපිටි තරුණයාගේ ලේ සහිත තවත් වෑන් රියක් මාතලේ
2024 මැයි මස 05 1093 0

කුලියාපිටියේ පෙම්වතියගේ නිවෙසට ගිය සුසිත් ජයවංශ නැමැති තිස් හැවිරිදි තරුණයා පැහැරගෙන අතුරුදන් කිරීමට යොදාගත් බවට සැලකෙන වෑන් රථය මාතලේ, විල්ගමුව සත


බෝම්බයක් රැගෙන දරු දෙදෙනකු ප්‍රාණ ඇපයට ගනී
2024 මැයි මස 05 1116 0

හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තම බිරිය ඝාතනය සදහා අත් බෝම්බයක් රැගෙන පැමිණි සැමියා බව කියන පුද්ගලයකු කුඩා දරුවන් දෙදෙනකු ප්


ජනප්‍රිය රංගන ශිල්පී බර්නාඩ් හිල් සමුගනී
2024 මැයි මස 05 427 0

බ්‍රිතාන්‍ය රංගන ශිල්පී බර්නාඩ් හිල් අද (5) අභාවප්‍රාප්ත විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහු 79 වියෙහි පසුවුණු බවය.


යතුරු පැදි තරඟයෙන් තරුණ ජීවිත දෙකක් විනාශයි
2024 මැයි මස 05 561 0

තරුණයන් දෙදෙනකු පැද වූ යතුරුපැදි දෙකක් අද (5) අලුයම මිරිහාන නව රෝහල මාර්ගයේ කිඹුලාවල ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් දෙදෙනාම මියගොස් ඇත


ලොව සලිත කළ බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයට මාදිලි 117ක්
2024 මැයි මස 05 86 0

චීනයේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය පසුගිය 25 වෙනිදා සිට ඊයේ (04) වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 499 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1948 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1713 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site