IMG-LOGO

2024 මැයි මස 06 වන සඳුදා


ආගම් ප්‍රශ්නය ආරක්ෂාවටත් ගැටලුවක්

(ඉන්දිකා රාමනායක)

ආගම්වලට අගෞරව වන පරිදි යම් යම් අය ප්‍රකාශ නිකුත් කිරීමෙන්  ආගම් අතර අනපේක්ෂිත ගැටළු ඇති විය හැකි බැවින්, එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

මෙවැනි කාරණා සම්බන්ධයෙන් පොලිසියේ විශේෂ අවදානය යොමුව ඇති බවත්, විවිධ ගැටුම්වලට පාදක වන ප්‍රකාශ සම්බන්ධයෙන් විශේෂ අවදානය යොමුකර කඩිනමින් අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවද හෙතෙම කීය.

විවිධ ගැටුම් වලට පාදක වන කරුණු,සහ ඒ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී ඊට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කරන්නේ මේ ආකාරයේ කාරණා හේතුවෙන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

රට තුළ ගැටුම් ඇති වන අන්දමේ ආගම්වලට අගෞරව කරමින් ප්‍රකාශ නිකුත් නොකිරීම සෑම පුද්ගලයකුගේම වගකීමක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මේ ආකාරයේ ප්‍රකාශ සිදුකර ඒවා මුල්කරගෙන සමාජයේ යම් ගැටුම්කාරි තත්ත්වය හටගතහොත් එහි ප්‍රතිවිපාක ඔවුන්ට විදිය යුතු බවත්, කිසියම් ප්‍රකාශයක් කරන්නේ නම් රටේ නීතියේ සීමාවට යටත්ව ප්‍රකාශ සිදුකළ බවත්, නීතිය පරිබාහිරව යම් කිසි පුද්ගගයකු ඒ ආකාරයේ ප්‍රකාශ සිදුකරන්නේ නම් ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

 

 



අදහස් (3)

ආගම් ප්‍රශ්නය ආරක්ෂාවටත් ගැටලුවක්

Akila Friday, 02 June 2023 07:53 AM

අර කස්සප කියන චිවරදරිය මේ දවස් වල සමාජ මදයෙන් මේ රටේ සිටිනා අන්‍ය ආගමිකයන් ට තර්ජනය කරමින් පොස්ට් දානව ,පුළුවන් නම් එම චීවර ඩරියට විරුද්දව නිතිය කියාත්මක කරලා පෙන්වන්න

:       6       8

නිහාල් Friday, 02 June 2023 08:35 AM

ආගම් ප්‍රශ්න ඇතිකරන්නෙ ඔයාලට "ඇක්ෂන්" කියන අයම තමයි

:       3       11

Ruwan R Friday, 02 June 2023 12:53 PM

එහෙමද කියන්න කිව්වේ...?

:       1       5

ඔබේ අදහස් එවන්න

දියත

සරසවි විධායක නිලධාරීහූ අඛණ්ඩ වැඩ වර්ජනයක
2024 මැයි මස 06 81 0

විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ ගැටලුවලට ආණ්ඩුව ඇතුළු බලධාරීන් විසඳුම් නොදීමට විරෝධය දක්වමින් විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය අඛණඩ වැඩවර


උතුරුමැද පළාත් සභාව උණුසුම් වෙයි: 22ක් අත්අඩංගුවට
2024 මැයි මස 06 731 2

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඇතුළු පලාත් සභා නිලධාරීන් හා කාර්ය මණ්ඩලය පළාත් සභා ගොඩනැගිලි පරිශ්‍රය තුළ සිර කර, එහි පිට වීමේ හා ඇතුල්වීම


වැඩ 11ක් කඩිනමින් ඉවර කරන්න අණ
2024 මැයි මස 06 445 1

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඇරැඹූ ව්‍යාපෘති 11ක වැඩ කඩිනමින් අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දු


විශ්‍රාම ගිය රජයේ ලොක්කන්ට වාහන පර්මිට්
2024 මැයි මස 06 1121 7

විශ්‍රාම ගිය රාජ්‍ය නිලධාරින් පළාත් රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ නිලධාරීන් සඳහා තීරු බදු සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය කර ඇත.


රට යවන ශාකවලට සහතික දෙන තැනක් ගාල්ලේ අරියි
2024 මැයි මස 06 345 0

විදෙස් රටවලට ශාක කොටස් සහ ශාක ආශ්‍රිත නිශ්පාදන යැවීමේ දී අවශ්‍ය කරන නිරෝධායන සහතික නිකුත් කරන මධ්‍යස්ථානයක් ගාල්ලේ දී විවෘත කෙරිණි.


චීන ජනාධිපති යුරෝපා සංචාරයක් අරඹයි
2024 මැයි මස 06 609 0

චීන ජනාධිපති ෂී ජින්පින් යුරෝපා සංචාරයක් ආරම්භ කරමින්, ප්‍රංශයේ පැරිස් අගනුවර බලා පැමිණියේය. චීන ජනාධිපතිවරයා මෙසේ යුරෝපා සංචාරයක් ආරම්භ කළේ වසර පහක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 506 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1962 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1720 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site