
(උපාලි ආනන්ද)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක අපයෝජනය කිරීමේ සිද්ධියේ සැකකාර හිටපු යුද හමුදා සෙබළා හඳුනා ගැනීමේ පෙරෙට්ටුව අද දින පැවැත්වීමට නියමිතව තිබුණද පැමිණිලිකාර වෛද්‍යවරිය නොපැමිණීම නිසා එම හඳුනා ගැනීමේ පෙරට්ටුව මේ මස 24 දා දක්වා කල් තැබීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය.
මෙම අපරාධය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි හිටපු යුද හමුදා සෙබලා එදින තෙක් යළි රිමාන්ඞ් බාරයට පත් කරන ලෙස නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එදිනට සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුව ඉදිරිපත් කරන ලෙසටද අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේය.
පැමිණිලිකාර වෛද්‍යවරිය එදිනට හඳුනා ගැනීමේ පෙරටුව සඳහා කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන පොලිසියට තවදුරටත් නියෝග කෙරිණ.
මෙලෙස රිමාන්ඞ් බාරයට පත් කළේ ගල්නෑව නව නගරය නිලන්ත මදුරංග රත්නායක නැමැති හිටපු යුද හමුදා සෙබළෙකි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.