IMG-LOGO

2025 මාර්තු මස 25 වන අඟහරුවාදා


අ‘පුරේ ස්කෝල 55 ක් රෑටත් විවෘතයි

(දයාරත්න ඇඹෝගම)

මෙවර 2024 වර්ෂයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගෙට පෙනී සිටින පාසල් දරුවන්ගේ ප්‍රතිඵල ඉහළ නැංවීමේ අරමුණින් එම දරුවන්ට සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ නොමිලේ අමතර පන්ති පැවැත්වීමේ වැඩසටහනක් උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කොට තිබේ.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ අදහසක් අනුව පළාත් ආණ්ඩුකාර කාර්යාලය, අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලය, ලංකා ගුරුසේවා සංගමය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ ඇති අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා පංති පැවැත්වෙන පාසල් 55ක ක්‍රියාත්මක වන අතර සවස 02.30න් පසුව අදියර තුනක් යටතේ පංති පැවැත්වේ.

අලි ගැටලුව ඇති ප්‍රදේශවල පාසල්   දරුවන්ට පළවන අදියරේ යටතේ සවස 02.30 සිට සවස 06.00 දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. අනෙක් ප්‍රදේශවල දරුවන් සඳහා දෙවන අදියර වශයෙන් සවස 06.00 සිට රාත්‍රී 10.00 දක්වා පන්ති පැවැත්වේ. තුන්වෙනි අදියර යටතේ සතියකට එක් දිනක් සවස 06.00 සිට පසුදා උදෑසන 06.00 දක්වා මුළු රාත්‍රිය පුරා මෙම ඉගැන්වීමේ කටයුතු සිදු කරයි.

මේ සඳහා දරුවන්ගේ දෙමාපියන් හා පාසල් ගුරුවරුන්ගේ පූර්ණ ආරක්ෂාව හිමිවෙයි.

මීට අමතරව ප්‍රායෝගික විෂයයන් වන සංගීතය, නැටුම්, තොරතුරු තාක්ෂණය වැනි විෂයන් සඳහා සෙනසුරාදා සහ ඉරිදා දිනයන්වල එක් අධ්‍යාපන කොට්ඨාසයක ස්ථාන දෙකක් තෝරාගෙන විෂයන් හදාරන සියලු දරුවන් එම ස්ථාන දෙක සඳහා යොමු කොට උදෑසන 08.00 සිට සවස 04.00 දක්වා  පුහුණුව ලබා දේ.

බොහෝ පාසල්වල ප්‍රධාන විෂයන් ඉගැන්වීම සඳහා ගුරුවරුන්ගේ හිඟයක් පවතින බැවින් එම විෂයන් සඳහා ප්‍රවීණ ගුරුවරුන් පිට ප්‍රදේශවලින් ගෙන්වාගෙන මේ සඳහා යොදවා ගනු ලබයි.

මේ සඳහා සියලුම සම්පත් දායක ගුරුවරුන් ස්වේච්ඡාවෙන් මෙම වැඩසටහන සඳහා දායකත්වය සැපයීම විශේෂ කරුණකි. ඔවුන් මේ සඳහා කිසිදු මුදලක් අය නොකරයි

 මේ වැඩසටහන ක්‍රියාත්ම කරන ආකාරය  පරීක්ෂා කිරීම සඳහා පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා රාත්‍රි කාලයේ සිසු දරැවන්ට අධ්‍යාපනය ලබාදෙන අනුරාධපුර මහබුලංකුලම මහා විද්‍යාලයේ නීරික්ෂණ චාරිකාවක ඊයේ (12)දින නිරත විය.

මෙම අවස්ථාවට අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක මහේෂි මංජරිකා හෙට්ටිආරච්චි, ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් ආනන්ද රත්නායක, වෙළද හා සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ අමාත්‍යවරයාගේ සම්බන්ධිකරන ලේකම් ප්‍රියන්ත රත්නායක, ආණ්ඩුකාර මහජන සම්බන්ධතා නිලධාරී අසේල විජේසිංහ,  මහබුලංකුලම මහ විද්‍යාලයේ විදුහල්පති ටොරින්ටන් කුමාරසිරි යන මහත්ම මහත්මීහු පිරිසක් එක්ව සිටියහ.

 



අදහස් (7)

අ‘පුරේ ස්කෝල 55 ක් රෑටත් විවෘතයි

Sanka Thursday, 13 February 2025 01:16 PM

කළමනාකරණයේ දුර්වලත්වය...

:       3       6

විපරමා Thursday, 13 February 2025 01:16 PM

විසේ ඇති ඌරෝ දවල් රෑ දෙකේම හාරනවා කියන්නේ ඕකට තමයි. ඔය බොරු වැඩ කරන්න එපා. පාසල් කාලයේදී දරුවන්ට හොඳට උගන්වන්න. ඔය වැඩෙන් ළමයි ලෙඩ වෙනවා. අර ජනාධිපතිතුමා බලයට එන්න ගලින් කියපු කිලෝ මීටර් 3 නේ ඉස්කෝල ටික පටන් ගන්න. ඒවා තමයි කළයුතු වැඩ. අන්තිමට ළමයින්ගේ විනයත් පිරිහෙනවා. මෝඩ කම් කරන්න එපා. ඕක වහාම නවත්වන්න. හරියට පැය 8 ක් විවේක ඇතිව උගන්වන්න.. මේ ළමයි බව මතක තියා ගන්න. ඕවා මනෝවිද්‍යාත්මකව ඉදිරියේදී මහා විපත්තිවලට මග පාදවනවා.. අනික ළමයින්ටත් ළමා කාලයක් තියෙන්න ඕනෑ. ඔය ආණ්ඩුකාර මෝඩයින් ඕවා දන්නේ නැහැ. හිතං ඉන්නේ ආපු කමන් කවුරුවත් නොකරපුවා කරන්න. අධ්‍යාපනය ඔහොම ලබාදෙන්න බැහැ..

:       2       18

Bellagio Friday, 14 February 2025 02:57 AM

යනවා හලෝ යන්න

:       0       0

රුවන් Thursday, 13 February 2025 01:54 PM

දවසක බලන්න කෝ උතුර, උතුරු මැද පළාත්වල ළමයි ඉහළටම යනවා. ටියුෂන් ලේ බොන බස්නාහිර, දකුණේ ළමයි මොට වෙනවා වගේම දෙමව්පියන්ගේ සේසතම නැති වෙනවා. සාමාන්‍ය ළමයෙක්ට මාසෙකට දෙමව්පියන් රුපියල් 10,000කට වඩා වියදම් කරනවා ටියුෂන් වලට විතරක්. ළමයි 3ක් නම් 30,000යි. මාසේ පඩියත් ඉවරයි. හැබැයි ඒ ටියුෂන් ගුරා ලා පදින්නේ ලැම්බෝගිනි හැබැයි සමහරු උසස් පෙළත් අසමත්. ඒ වගේම රජයට බදු ගෙවන්නෙත් නෑ.

:       3       6

vihanga Thursday, 13 February 2025 02:03 PM

නියම වැඩක්... අර දකුණේ ලංකාවෙන්ම එක වෙන්න කියලා පහළ පන්තිවල ළමයි ෆේල් කරකර ළමයින්ව අනාථ කරන වැඩේට නියම උත්තරයක් දකුණේ අන්තිමට හිටපු අධ්‍යාපන ඇමැතියා පටන් ගත්තු ඒ වැඩේ තාමත් එහෙම්ම කරගෙන යනවා. ඒකෙන් දකුණු පළාතේ දරුවෝ අපරාධවලට යොමුවෙනවා වැඩියි... නිව්ස් බැලුවාම ඒක පේනවානේ..

:       0       4

රනේ Thursday, 13 February 2025 06:47 PM

දරුවන් යහ මගට ගැනීමට වෙහෙසෙන ඔබට අපගේ උත්තමාචාරය...!

:       8       6

A M S ADHIKARI Friday, 14 February 2025 06:57 AM

බොරු වැඩ...!

:       1       0

ඔබේ අදහස් එවන්න

 

දියත

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට
2025 මාර්තු මස 25 219 0

රුපියල් ලක්ෂ 8 කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සහ අපරාධ සඳහා යොදා ගත් බවට සැක කරන හමුදා නිල ඇඳුම් කොටස් කීපයක් සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්


හිටපු ලොක්කෙක් දුවටත් මැතිසබේ වාහනයක් දීලා
2025 මාර්තු මස 25 627 2

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිය දියණියගේ ගමනාගමන කටයුතු සඳහාද කාලයක් තිස්සේ එහි වාහනයක් සහ ඉන්ධන යොදා ගෙන ඇතැයි පා


ත්‍රිරෝද සොරාගෙන විකිණු සංවිධානාත්මක කල්ලියක් අල්ලයි
2025 මාර්තු මස 25 438 1

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ත්‍රිරෝද රථ සොරාගෙන චැසි සහ එන්ජින් අංක මෙන්ම වර්ණ වෙනස්කර විකිණීමේ ජාවාරමක යෙදුණු හත් දෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කල


කැනඩාවට පනින්න හැදූ 11ක් ගුවන්තොටේදී අල්ලයි
2025 මාර්තු මස 25 909 1

කූඨ ලෙස සකස් කළ කැනඩා වීසා බලපත්‍ර භාවිතා කරමින් කැනඩාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු සහ ඔවුන් ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ තැරැව්කරුවෙකු , කට


බ්‍රිතාන්‍ය මෙරට හතර දෙනකුට දොර වහයි
2025 මාර්තු මස 25 1787 12

නීති විරෝධී ඝාතනය කිරීම්, වධ හිංසා සහ ලිංගික හිංසන සිදු කිරීම් ඇතුළු මෙරට සිවිල් යුද්ධය පැවැති කාලයේදී සිදුකළ දැඩි මානව හිමිකම් කඩ කිරීම් හේතුවෙන් ශ්‍


අදත් තැනින් තැනට තද වැසි
2025 මාර්තු මස 25 84 0

බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වල පස්වරු 2.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 261 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 576 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1222 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site