IMG-LOGO

2024 ජුනි මස 17 වන සඳුදා


අස්වැසුම කාලය වසර දෙකක් දික් කරයි

(රංජන් කස්තුරි)

අස්වැසුම සුභ සාධක ප්‍රතිලාභ ගෙවීමේ කාලය දීර්ඝ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මුදල් ආර්ථික ස්ථායි කරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා නිකුත් කර ඇති එම අති විශේෂ ගැසට් නිවේදනයට අනුව අස්වැසුම ප්‍රතිලාභ ලබන ඇතැම් පිරිස්වලට එම සහනාධාරය 2026 වසරේ ජූනි 30 වැනිදා දක්වා ලබා දෙන බව සඳහන් කර තිබේ.

මීට පෙර ප්‍රකාශයට පත් කර තිබූ පරිදි අස්වැසුම ප්‍රතිලාභ හිමි පිරිසකට එම ප්‍රතිලාභය ලබාදෙන කාලය ජුනි 30 වැනිදායින් අවසන් කර තිබිණ.

තවත් පිරිසකට අස්වැසුම ප්‍රතිලාභය ලබා ලබාදෙන කාලය මේ වසරේ දෙසැම්බර් 31 වැනිදායින් අවසන් කිරීමට නියමිතව තිබිණ.

එහෙත් ජනාධිපතිවරයා අලුතින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයට අනුව අස්වැසුම ප්‍රතිලාභ හිමි ඇතැම් පිරිසකට 2026 වසරේ ජූනි 30 වැනිදා දක්වාත් තවත් පිරිසකට 2025 වසරේ ජූනි 30 වැනිදා දක්වාත් එම ප්‍රතිලාභය ගෙවීමට නියමිතය.

අවදානමට ලක්වූ පවුලකට මසකට රුපියල් 5000 ක් දුප්පත් පවුලකට රුපියල් 8500 ක් අන්ත දිලිදු පවුලකට රැපියල් 15000 ක් ආදී වශයෙන් අස්වැසුම ප්‍රතිලාභ හිමිවේ.

 



අදහස් (5)

අස්වැසුම කාලය වසර දෙකක් දික් කරයි

M.G pavithra dilrukshi kumari Wednesday, 22 May 2024 02:00 PM

අස්වැසුම ඔක්කොටෝම 5000 ගානේ දුන්නානම් හොඳයි... ආයෙ ගන්නවා... නැති අය මොනවත් නෑ.

:       2       12

Anusha Shamalee Thursday, 23 May 2024 10:01 PM

අස්වැසුම/ සමෘද්ධිය දෙකම නැතිකළ යුතුයි.. මොකද ඇති අය තමයි ඔය දෙකම ගන්නේ. සමෘද්ධිය අවුරුදු ගණන් අරගත්තු අය කවදාවත් දියුණු වෙන්න බලන්නේ නෑ. ගෙවල් හදන්නේ නෑ... ගේ ටයිල් කරන්නේ නෑ සමෘද්ධිය කැපෙයි කියලා. සමෘද්ධිය හෝ අස්වැසුම ලබන්නේ සුදුසු අය නොවෙයි. වාහන තියෙන නිලතල දරන, ගෙවල් හදලා හොඳට හම්බ කරන අය ගොඩදෙනෙක් අපේ වසමේත් ඉන්නවා...

:       0       0

Lakmali suranjika Friday, 24 May 2024 02:11 PM

අපිට දුන්නෙත් 2500... දැන් ඒකත් නෑ කපලා.

:       0       0

R. M. R gunasekara Friday, 24 May 2024 07:16 PM

දුප්පතාට ඇත්තටම හොදයි අස්වැසුම. හෝ සමෘද්ධි දීමනාව අපි සතුටුයි... නමුත් අපේ ගෙවල්වල ඉන්නවා තවමත් දෙන්න සුදුසු ප්‍රතිලාභ නොලැබෙන කොටසක්.. තව දෙයක් නිකන්ම සහනාධාර දෙන්න එපා.. ඒ මිනිස්සු දාලා පොදු මාවත් සුද්ද කරන්න ඇල මාර්ග සුද්ද කරවන්න... සතියට දවසක් හෝ වැඩක් කරගන්න

:       0       0

R. M සුගත් කුමාර රත්නායක.149/D අලුත්වැව. Sunday, 09 June 2024 07:28 AM

ගොඩක් වටිනවා ඔබ සැමට, ගොඩක් පින්. අමාරුවෙන් ජිවත් වන ජනතාව වෙනුවෙන් කරන මෙහෙවරට. ජනාධිපති පතිතුමාට ගොඩක් පින්. හැමදේම සාදාරණයි.. අසාදාරණ වෙච්ච් අයට උපකාර කල එකම ජනාධිපති ඔබ ❤️

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉදිරි වසර පහ ලංකා අනාගතය තීරණය කරනවා
2024 ජුනි මස 17 33 0

ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්තිය මත ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


පොරොවක් අතැතිව කලහ කළ අයකුට පොලිසියෙන් වෙඩි
2024 ජුනි මස 17 215 0

යුරෝ පාපන්දු තරඟාවලියට සමගාමීව, ජර්මනියේ හැම්බර්ග් නුවර පැවැති සංදර්ශන පෙළපාළියක් අතරතුරේ, කෙටි පොරොවක් අතැතිව කලහකාරීව හැසිරුණු අයකුට පොලිසිට වෙඩ


යුද්ධය නවත්වන්න පුටින්ගෙන් කොන්දේසි
2024 ජුනි මස 17 542 0

යුක්රේනය රුසියාවට යටත් වී, රුසියාව විසින් අත්පත් කරගෙන සිටින යුක්රේනයේ නැගෙනහිර පළාත් හතරක බලය සම්පූර්ණයෙන් රුසියාවට ලබා දී, ‘නේටෝ’ සාමාජිකයකු වීමේ


එක්වදෝරයේ නායයෑමක් 6 ක් මරුට: 30 ක් අතුරුදන්
2024 ජුනි මස 17 105 0

ලතින් ඇමෙරිකාවට අයත් එක්වදෝරයේ, සිදුවුණු නායයෑමකින් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මඩ සහ පස් තට්ටු යට සැඟවී අතුරුදන් වුණු පිරිස 30 කට වැඩිය.


උප ජනපති අවමංගල පෙරහර 4 ක් බිලි ගනී
2024 ජුනි මස 17 753 0

දේහය රැගත් රිය පෙරහර වීදි සංචාරය කරද්දී, එම රථ පෙරහරට අයත් එක් මෝටර් රථයක් උප ජනාධිපතිවරයාට අවසන් ගෞරව දැක්වීමට මඟ දෙපස පොරකමින් සිටි ජනතාව අතරට කඩා වැ


පදික මාරුවෙන් ගමන් කළ පිය-පුතු හැප්පූ චීන ජාතිකයා අත්අඩංගුවට
2024 ජුනි මස 17 487 1

කළුතර නගරයේ පදික මාරුව මතින් පාර මාරුවෙමින් සිටි පිය පුතු යුවළක් චීන ජාතිකයින් පිරිසක් ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථයක ගැටී සිදු වූ අනතුරින් පියා මියග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1308 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3027 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2484 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site