IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අවිස්සාවේල්ල මාර්ගයය වහයි

(යොහාන් භාසුර)

කොළඹ - අවිස්සාවේල්ල මාර්ගය අද (29) රාත්‍රී 9.00 සිට හෙට (30) අලුයම 1.00 දක්වා වාහන ධාවනයට සීමා පනවන බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

කනම්පැල්ල ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ ගංගාරෝහණ මහ පෙරහැර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය නිවේදනයේ සදහන් වේ.

පෙරහැර කොස්ගම කනම්පැල්ල ශ්‍රී සුමනාරාම විහාරස්ථානයෙන් ආරම්භ කර කොස්ගම පූගොඩ මාර්ගයේ කනම්පැල්ල හන්දිය දක්වා ගමන් කිරීමෙන් පසු කනම්පැල්ල හන්දියෙන් දකුණට හැරී කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ මීටර් 800 ක් පමණ දුර කඩුගොඩ හන්දිය දක්වා ගමන් කර නැවත එම මාර්ගය ඔස්සේ විහාරස්ථානය වෙත ගමන් කිරීමට නියමිතය.
පෙරහැර ගමන් ගන්නා කාලය තුළ එම මාර්ග භාවිතා කරන රියදුරන් හා මහජනතාව වෙත පහත විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලීසිය ඉල්ලා සිටී.

කොළඹ දෙස සිට අවිස්සාවේල්ල, රත්නපුර සහ හැටන් දෙසට ගමන් කරන වාහන සඳහා කොස්ගම කළුඅග්ගල හන්දියේ පිහිටි ඔරලෝසු කණුව අසලින් දකුණට ඇති ලබුගම මාර්ගයේ කිලෝ මීටර් 12 ක් ගමන් කළ පසු හමුවන තුංමෝදර හන්දියෙන් වමට ඇති තුංමෝදර - අවිස්සාවේල්ල මාර්ගයේ කිලෝමීටර් 08ක් ගමන් කිරීමෙන් පසු හමුවන පුවක්පිටිය හන්දියෙන් දකුණට හැරී ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකි බව පොලිසිය සඳහන් කරයි. 



අදහස් (1)

අවිස්සාවේල්ල මාර්ගයය වහයි

Ratavasiya Sunday, 29 December 2024 03:44 PM

පුදුම රටක්, පාරවල් හදලා තියෙන්නේ වාහන යන්නද, පෙරහැරවල් යන්නද? කවුද මේවාට අවසර දෙන්නේ...?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 735 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site