
(විමුක්ති එස් රුද්‍රිගු)
සිය ධුරයෙන් ඉල්ලා අස් නොවන බවත් අවසන් මොහොත දක්වා සටන අත් නොහරින බවත් දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අද (12) ප්‍රකාශ කිරීමත් සමග එරට විපක්ෂය ගෙන එන නව දෝෂාභියෝග යෝජනාවට සහාය දීමට තීරණය කළ බව දකුණු කොරියානු ආණ්ඩු පක්ෂය පැවැසුවේය.
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව සභාගත කළ පළමු දෝෂාභියෝග යෝජනාව පසුගිය 7 වැනිදා එරට පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වූ අතර එරට පාලක පක්ෂය වන " පීපල්ස් පවර්" පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 108 න් 106 ක් ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ සිය අසුන් වලින් නැගිට යාම හේතුවෙන් දෝෂාභියෝගය එලෙස පරාජයට පත් වූවේය.
" පීපල්ස් පවර්" පක්ෂය පළමු දෝෂාභියෝග යෝජනාවට සහයෝගය නොදුන්නේ ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි බලාපොරොත්තුවෙන් බවත් කෙතරම් තේරුම් කිරීමට "පීපල්ස් පවර්" පක්ෂය උත්සාහ දැරූවත් ජනාධිපති යුන් සුක් යෝල් තේරුම් නොගන්නා බවත් එම පක්ෂයේ නායක හන් ඩොන්ග් හූන් ප්‍රකාශ කළේය.
දකුණු කොරියානු විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන "ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය" නව දෝෂාභියෝගයක් ගෙන ඒමට සූදානම් කරමින් සිටින අතර එහි
ඡන්ද විමසීම අනිද්දා (14) පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඡන්ද විමසීමේදී " පීපල්ස් පවර්" පක්ෂයේ නීති සම්පාදකයින්ට කිසිම බලපෑමක් එල්ල නොවනු ඇති බවත් ඔවුන්ගේ හෘද සාක්ෂියට එකඟ පරිද්දෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනු ඇති බවත් හන් ඩොන්ග් හූන් පැවැසුවේය. " පීපල්ස් පවර්" පක්ෂයේ නීති සම්පාදකයින් රට සහ දකුණු කොරියානු ජනතාව ගැන සිතා ඡන්දය භාවිත කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද පක්ෂ නායකයා ප්‍රකාශ කළේය.
හමුදා නීතිය පැනවීමට තීරණය කරනු ලැබුවේ දකුණු කොරියාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට බවත් තමන් අවසන් මොහොත දක්වා සටන් වදින බවත් දකුණු කොරියානු ජනාධිපතිවරයා රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් අද(12) පැවැසුවේය. ප්‍රජාතන්ත්‍රවාදය කඩා වැටීම වැළැක්වීමට සහ පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ ඒකාධිපතිත්වය නැති කිරීමට තමන් නීත්‍යානුකුල තීරණයක් ගත් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
තමාට දෝෂාභියෝගයක් ඉදිරිපත් කළත් තමන්ට එරෙහිව විමර්ශනයක් පැවැත්වූවත් ඒවාට ස්ථාවරව මුහුණ දෙන බවත් කෙදිනකවත් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් නොවන බවත් ජනාධිපති යුන් සුක් යෝල් එහිදී පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අවසන් මොහොත දක්වා සටන් කරනවා