IMG-LOGO

අවුරුදු 9 ක් වසා තිබූ කඩදාසි කම්හල ඇරැඹීම රටේ වාසනාවක්

(යොහාන් භාසුර)

වසා තිබූ ඇඹිලිපිටිය කඩදාස කම්හල වසර නවයකට පසුව දේශීය ආයෝජකයෙක් සමඟ ගිවිසුම්ගතව ආරම්භ කිරීමට හැකිවීම රටේ වාසනාවක් බවත් වසා තිබෙන සියලුම දේශීය කර්මාන්ත නැවත ආරම්භ කරන බවත් කර්මාන්ත අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පැවසීය.

රුපියල් බිලියන 3.5 ක ආයෝජනයකින් නැවත ආරම්භ කළ ඇඹිලිපිටිය කඩදාස කම්හලෙන් රැකියා අවස්ථා 2000 ක් පමණ ඇති වන බව කී අමාත්‍ය එස්. බී. දිසානායක මහතා ශ්‍රී ලංකාවේ කර්මාන්ත ආරම්භ කිරීමට පළමුවෙන්ම දේශීය ආයෝජනයන්ට අවස්ථාව ලබාදෙන බව ද සඳහන් කළේය.

එම කර්මාන්ත ශාලාවේ වසරකට කඩදාසි මෙටි්‍රක්ටොන් 75,000 ක් දේශීය කඩදාසි අවශ්‍යතාව සැපයීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කීය.

ඇඹ්ලිපිටිය කර්මාන්ත ශාලාව නැවත විවෘත කිරීමේ උත්වසයට සහභාගි වෙමින් අමාත්‍ය එස්. බී. දිසානායක මහතා එසේ පැවසීය.

මෙහිදී කර්මාන්ත අමාත්‍ය එස්. බී. දිසානායක මහතා හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ගෙනගිය වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ස්තූතිය පළකිරීම ද කැපී පෙනුණි.

මෙම අවස්ථාවට ආචාර්ය ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ සහ කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් දයා රත්නායක, ජාතික කඩදාසි සමාගමේ සභාපති විමල් රූබසිංහ, කොරියන් ස්පා පැකේජින් සමාගමේ සභාපති අනුරුත් අබේරත්න සහ ඇඹිලිපිය ප්‍රාදේශීය සභාවේ සභාපති සුරන්ත වීරසිංහ යන මහත්වරු ද සහභාගි වූහ.  



අදහස් (9)

අවුරුදු 9 ක් වසා තිබූ කඩදාසි කම්හල ඇරැඹීම රටේ වාසනාවක්

Kule Wednesday, 16 March 2022 02:52 PM

විමලේ, ඔබටයි මේ උපහාරය...!

:       9       39

kamalWednesday, 16 March 2022 03:38 PM

මේ කම්හල අලුත්වැඩියා කිරීමට ඇපකැපවූ සේවක මණ්ඩලයට, ඔබටයි මේ උපහාරය...!!! 

:       13       35

ජුණ්ඩප්පුවාWednesday, 16 March 2022 05:38 PM

විමලේ තමයි මේක ගොඩනගන්න මූලික වුනේ. කමල් වගේ කුලී කොටන්නන්ට හරියට හිතේ අමාරු ඇතිවෙලා බව පේනවා. ඇත්තට මුහුණ දෙන්නට හිත හදා ගමු කමල් මලේ...

:       5       15

Prabha Wednesday, 16 March 2022 06:54 PM

විමල්ගේ වැරැදි තියෙනවා.. නමුත් හොඳ දේට හොඳයි කියන්න බැරි කමට සිංහලෙන් කියන්නේ කුහකකම කියලා...

:       2       21

රටකාවා පුස්වෙඩි Wednesday, 16 March 2022 03:24 PM

ස්වභාවික සම්පත් ඇති විපත් නැති මේ රට නම් වාසනාවන්තයි. ප්‍රශ්නෙකට තියෙන්නෙ රටේ නීතිය සහ ප්‍රතිපත්ති හදාගැනීමට බැරිවූ හැත්තෑ වසරක දේශපාලකයො තමා. රට උළ කෑ ඔවුන්ද සපත්තු රස ආසා කරන ඔවුන්ගේ ගෝත්‍රික ආධාරකරුවන් නිසා රටවැසියා අවාසනාවන්තයි.

:       4       18

fairoos Wednesday, 16 March 2022 04:35 PM

මේවා නිකන් ෂෝ විතරයි... වැඩ නැහැ. විදුලිය නැතිව මොන කතාද?

:       11       11

චන්දන Wednesday, 16 March 2022 05:24 PM

මෙයා හෙට අනිද්දා මේක කාට හරි විකුණලා දානවා ෂුවර්... විමල්ගේ උත්සාහය වතුරේ...

:       2       20

ravin Wednesday, 16 March 2022 05:33 PM

වංසෙ, ඕක කබල් ගාලා සෑහෙන කල්ලු නේද? අමතක වුණානේ හඳ කාලෙට බල්ලො බුරනවා වැඩියි කියලා...

:       3       10

Bunny Preena Friday, 18 March 2022 09:31 AM

හිඟුරක්ගොඩ පැත්තේ රජය සතු හොඳ වී මෝලකුත් තියෙනවා. යන්ත්‍ර සූත්‍ර හොඳ තත්වයේ තිබෙන නමුත් සමහර දූෂිත දේශපාලුවන් සහ නිලධාරීන්ගේ අමන ක්‍රියා නිසා භාවිතයට නොගෙන දිරාපත් වන්නට ඇරලා... ඒක ගැනත් සොයාබලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 239 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site