IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අවුරුදු සමයේදී මහජන බැංකු‍වේ මිලියන 17කට අධික ගනුදෙනු

මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 568කට අධික වටිනාකමකින් යුත් මිලියන 17කට අධික ගනුදෙනු සංඛ්‍යාවක් වාර්තා කරමින් යළිත් වරක් සිය ඩිජිටල් බැංකුකරණයේ ශක්තිය පෙන්නුම් කර ඇතැයි එම බැංකුව සදහන් කරයි.

මහජන බැංකුව, ශාඛා හා සේවා මධ්‍යස්ථාන 747කින් සහ ATM,CDM හා CRM යන්ත්‍ර 1,150කට අධික පුළුල් ජාලය ඔස්සේ සිය ගනුදෙනුකරුවන්ට අසමසම සේවාවක් පිරිනමයි. එමෙන්ම එහි People’s Wave App, People’s Wyn Appsසහ People’s Pay Digital Wallet appයන යෙදවුම් ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්‍රය නව මානයක් කරා රැගෙන යාමට සමත් වී තිබේ. මේ වනවිට මිලියන දෙකකට වැඩි සක්‍රිය පරිශීලකයන් පිරිසක් People’s Wave යෙදුම බාගත කර ඇති අතර, 50කට වැඩි විවිධ මූල්‍ය ගනුදෙනු සේවා සංඛ්‍යාවක් සහ ගනුදෙනුකරුවන්ට පහසුවෙන් බැංකු සේවා ඉටු කරගැනීමට හැකියාව ලබාදෙන නවීන බැංකු පහසුකම් රැසක් ද මෙම සේවාවෙහි අන්තර්ගත වේ.

මේ පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ)

නලීන් පතිරණගේ මහතා මෙසේ පැවසීය ‘මහජන බැංකුව සිය ඩිජිටල් බැංකුකරණ පහසුකම් ඔස්සේ  තෝරාගත් කොටසකට පමණක් සීමානොවී සමස්ත සමාජයටම ප්‍රතිලාභ සැලසෙන පරිදි බාධාවකින් තොරව සහ කාර්යක්ෂම සේවා සැපයීම සඳහා කැපවී සිටිනවා. අවුරුදු සමයේදී අප වාර්තා කළ ඉහළ කාර්ය සාධනය, මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් අප බැංකුව කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබඳ මනා නිදසුනක්  වනවා.’

-595



අදහස් (0)

අවුරුදු සමයේදී මහජන බැංකු‍වේ මිලියන 17කට අධික ගනුදෙනු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site