IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


අවමංගල්‍යවලටත් මාර්ග බාධක දාන්න වෙයි

අවමංගල්‍යයකට සහභාගී වීමට වෙනත් දිස්ත්‍රික්කවලින් පැමිණීම වැළැක්වීම සඳහා මාර්ග බාධක යෙදීමට සිදුව ඇති බව ගාල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

මරණයට පත්ව ඇත්තේ කළුතර දොඩංගොඩ පදිංචිකරුවෙකි. ඔහුගේ අවමංගල්‍යයට සහභාගීවිම සඳහා දොඩංගොඩ පදිංචිකරුවන් පිරිසක් ගාල්ලට පැමිණ සිටින බවත් ආදාහනය පැවැත්වෙන අවස්ථාවේ දී කළුතර හා කොළඹ දිස්ත්‍රික්කවලින් තවත් පිරිස් පැමිණෙන බවටත් පොලිසියට පැමිණිලි ලැබී ඇත.

86 හැවිරිදි වියේ පසුවන මෙම පුද්ගලයා කරාපිටිය රෝහලේ දී සෙනසුරාදා (04) මියගියේය. ඔහුගේ දේහය මේ වනවිට ගාල්ල නගරය ආසන්නයේ රිච්මන්ඩ් සිටි නමැති ස්ථානයේ එම පුද්ගලයාගේ දියණියගේ නිවසේ තැන්පත් කර තිබේ. 

ඔහු මාර්තු මස 16 වැනි දා ගාල්ලේ පුද්ගලික රෝහලකට ඇතුළත්කර පසුව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණයක් පවත්වා නැත. වෛද්‍යවරු පවසන්නේ වාට්ටුව භාර වෛද්‍යවරයා මරණයට හේතු ලෙස දක්වා ඇත්තේ කකුලේ ඇති තුවාලයක් හේතුවෙන් රුධිරය විෂවීම හා පෙනහළුවල අසාදන තත්ත්වයක් හේතුවෙන් ස්වසනය දුර්වල වී ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන ආකාරයට ස්වසන අපහසුතා කොවිඩ් - 19 රෝගීන්ට ඇති රෝග ලක්ෂණයකි.

රුහුණ විශ්වවිද්‍යාල‍යේ විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ,සී.පී.පෙරේරා මහතා කොරෝනා වසංගතය හේතුවෙන් මළ සිරුරු සම්බන්ධ රජය ගෙන ඇති ක්‍රියා මාර්ග මෙසේ විස්තර කළේය.

'' කොරෝනා වසංගතය හේතුවෙන් මළ සිරුරු අපි කොටස් හතරකට වර්ග කර තිබෙනවා. කොරෝනා බව තහවුරු කර ගත් මරණ, කොරෝනා බව තහවුරු කර නොගත් නමුත් කොරෝනා යැයි සැකකරන පරික්ෂණ සිදුකරමින් තිබෙන මරණ. වෙනත් හේතුවක් නිසා මිය ගිය නමුත් කොරෝනා රෝග ලක්ෂණ පෙන්වන මරණ සහ වෙනත් හේතුවක් නිසා මිය ගිය කොරෝනා රෝග ලක්ෂණ නොපෙන්වන මරණ යනුවෙන් කාණ්ඩ හතරකට. මේ සම්බන්ධ චක්‍රලේඛයක් ද නිකුත් කර තිබෙනවා. ඒ කාණ්ඩ හතරෙන් පළමු කාණ්ඩ තුනට අයත්වන මරණ අනිවාර්යයෙන් ම ආදාහනය කළ යුතුයි. සිව්වැනි කාණ්ඩයේ මරණ ඥාතීන්ට භාර දී කැමැති ආකාරයකට අවසන් කටයුතු කරන්න පුළුවන්. නමුත් සෙනඟ රැස්වීම නිර්දේශ කරන්න බැහැ. වෛද්‍යවරයකුට නිර්දේශ කළ හැකියි රෝගියාට කොරෝනා රෝග ලක්ෂණ තිබෙනවා ද නැද්ද කියා. ඒ අනුව රෝහලේ දි ප්‍රතිකාර කළ වෛද්‍යවරයාට තම නිගමනය අනුව මළ සිරුරක් භාර දීමට හැකියාව තිබෙනවා"

දේහය ඥාතින්ට භාරදීමෙන් පසු සෙනසුරාදා දහවල් එය කරාපිටියේ අවමංගල්‍ය ශාලාවක තැන්පත් කර තිබියදී එල්ල වූ විරෝධයක් හේතුවෙන් දියණියගේ නිවසට ගෙන ගොස් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති. මෙම නිවසට දේහය රැගන ගිය පසු කළුතර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් පිරිසක් ඇඳිරිනීතිය තිබිය දී පවා පැමිණි බවට ප්‍රදේශවාසින් විසින් පොලිසියට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට, දිසාපතිවරයාට සහ සෞඛ්‍ය බලධාරීන්ට පැමිණිලි කර ඇත.

මේ අනුව එම ස්ථානය පරීක්ෂා කිරීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හා ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට මියගිය පුද්ගලයාගේ ඥාතීන්ගෙන් දැඩි වි‍රෝධයක් එල්ල වී තිබිණි. මේ පිළිබඳ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවිර මහත්මිය විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් ද එම ස්ථානයට ගොස් පරීක්ෂා කර තිබිණි.

පොලිසිය පවසන්නේ නිවසේ සිටි කළුතරින් පැමිණි පුද්ගලයන් තමන් පැමිණියේ මරණය සිදුවීමට පෙර බවත් ඇඳිරිනීති වේලාවට පරිබාහිරව බවත් පොලිසියට පවසා ඇත. පොලිසිය පවසන්නේ මෙම නිවසේ කළුතරින් පැමිණි පුද්ගලයන් 11 දෙනකු අද (05) දින උදෑසන වනවිට රැඳී සිටින බවයි.

මේ සම්බන්ධයෙන් විමසූ විට ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා මහතා මෙසේ කීවේය.

''මේ ගැන අපිට පැමිණිලි කිහිපයක් ම ලැබුණා. වෛද්‍යවරු දේහය නිදහස් කරපු ආකාරය පවා ඇතැම් අය ප්‍රශ්න කරනවා. නමුත් අපිට ඒ ගැන කිසිවක් කිව නොහැකියි. මේ ස්ථානයේ දැනට කළුතරින් ඇවිත් පිරිසක් ඉන්නවා. අපි ගමේ අය දැනුම්වත් කරා මළ ගෙදරට නොයන්න කියා. ඒ වගේ ම වෙනත් පිටත කිසිවෙකුට මළ ගෙදරට ඒම‍ට ඉඩ දෙන්නේත් නැහැ. කළුතරින් මේ මරණයට අවසන් ගෞරව දැක්වීමට පිරිස් පැමිණෙනවා කියන ආරංචියක් තියෙන නිසා අපි කොළඹින් සහ කළුතරින් මේ ස්ථානයට පැමිණීම වළක්වන්න මාර්ග බාධක යෙදුවා. සිරුර සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සෞඛ්‍ය අංශවලට අදාල කාරණයක්. අපි ඔවුන් ගන්නා ක්‍රියාමාර්ගයකට සහයෝගය දෙනවා"

 



අදහස් (6)

අවමංගල්‍යවලටත් මාර්ග බාධක දාන්න වෙයි

Lahiu Sunday, 05 April 2020 07:43 AM

මේ වගේ වැඩ කරන අයට නීතියෙන් දඩුවම් කරන්නේ නැත්තේ මොකද ?

:       74       114

Anton Austria Sunday, 05 April 2020 08:30 AM

මෙහෙම තිද්දී මෙහෙම හැසිරෙන්නේ එක්කෝ නූගත් .

:       0       2

Bamunuarachchi Sunday, 05 April 2020 09:24 AM

අපේ මේ මිනිසුන්ගේ ගොබ්බපාට කවදා නතර කරන්න පුළුවන් වේවිද? ඉස්සර තිබුන මේ සිරිත් කාලයාගේ ඇවෑමෙන් ඉබේම නැතිවී යා යුතුයි. ඉස්සර මරණ දේවල්වල අඬන්න එක සිරිතක් සමහර විට අඬන්න මිනිසුන් කුලියට මීහමුවෙන් ගෙනාවා. දැන් අඬන මිසුන් නැත, මිනිය වලලන්න පවුලේ කීප දෙනෙක් ගියාම හොඳටම ඇති.

:       0       1

sanjeeva Sunday, 05 April 2020 10:25 AM

මෙතන ආගම ජාතිය නැහැ.. ඒ මොකද කියල අපිට තේරෙනවා

:       0       18

Sunil Sunday, 05 April 2020 12:02 PM

රටෙ තියන ආපදා තත්වය තේරුම් ගන්න බැරි අය..

:       23       32

lalithm Sunday, 05 April 2020 06:01 PM

මොවුන් දෙපයින් ගියත් හරක් කියන්න ඕනේ. මොනවා කිව්වත් නීතියත් හරියට ක්‍රියාත්මක වෙලා නැහැනේ. කළුතර සහ කොළඹ අය එන්නේ කොහොමද නැතිනම්? මගේ යාලුවෙකුගේ ගෙදර මරණයක් වුණා ගිය සතියේ. ඔක්කොම හිටියේ 05 දෙනයි අවමගුලට. පානදුරේ. මොකද හැමෝටම එහෙම බැරි?

:       0       40

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 163 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 308 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 657 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site