IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අවතැන්වුවන්ට නිවාස පිරිසිදු කරන්න 25000 ක්

(නිමල කොඩිතුවක්කු)

ආපදා හේතුවෙන් අවතැන්ව සිටින ජනතාවට සිය නිවාස පිරිසිදු කරගැනීම සඳහා ලබාදෙන මුදල රුපියල් 25,000 දක්වා ඉහළ  දැමීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසීය.

ආපදාවන්ට ලක්වූවන්ට සිය නිවාස  පිරිසිදු කරගැනීම සඳහා රුපියල් දසදහසක මුදලක් ලබාදීමට රජය මීට පෙර තීරණය කර තිබිණ.

ඒ අනුව දිට්වා සුලි කුණාටුව හේතුවෙන්  පවතින ආපදා තත්වය නිසා පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය එම තීරණය ගත් බවත්  සූරියප්පෙරුම මහතා පවසීය.

කොළඹදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු තවදුරටත් මෙසේද කීවේය.

“ආපදා තත්ත්වය නිසා විපතට පත්වෙලා තියෙන ජනතාවට අවශ්‍ය කරන සහනය කඩිනමින් සලස්වාදීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඉල්ලීමක් කරලා තිබුණා. ඒ අනුව අවශ්‍ය කරන ප්‍රතිපාදන කඩිනමින් සැලසීම සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

මේ විපතට පත්වෙලා ඉන්න ජනතාවට තමන්ගේ නිවාස වෙත ගිහිල්ලා අවශ්‍ය කරන පිළිසකර කිරීම සඳහා මුලින් ඉල්ලා සිටි රුපියල් 10,000ක මුදල වෙනුවට රුපියල් 25,000ක් මුදලක් දෙන්න මුදල් අමාත්‍යාංශය විසින් අනුමැතිය දුන්නා. ඒ අනුව ලබාදෙන සමස්ත මුදල ලෙස රුපියල් මිලියන හත්දහස් පන්සීයක් කඩිනමින් ලබාදෙන්න කියලා දැනුම් දී තිබෙනවා” යැයිද ඔහු පැවසීය.



අදහස් (0)

අවතැන්වුවන්ට නිවාස පිරිසිදු කරන්න 25000 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site