
(විමුක්ති එස් රුද්‍රිගු)
රේගුවේ හිරවී තිබෙන ජපානයෙන් ආනයනය කළ වාහන 400 කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කිරීමට බාධාවක් වූ, එම වාහන මෙරටට එවීම සඳහා අපනයන පරීක්ෂණ සහතික ලබාගෙන තිබූ බියුරෝ වෙරිටාස් කාර්යාංශයට ඒ සඳහා බලය ලබා දෙමින් සහ වාහන රේගුවෙන් නිදහස් කිරීමට තිබෙන අනෙකුත් බාධාවන් ඉවත්කරමින් ඉතාමත් ඉක්මණින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ඒ පිළිබඳ අප පුවත්පත රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කර සිටියේ රේගුවේ සිරවී තිබෙන වාහන නිදහස් කිරීම සඳහා වන අවශ්‍යතා සපුරාලමින් ගැසට් පත්‍රයක් නිකුත් වීමට නියමිත බවත් එම ගැසට් පත්‍රය ඉතා ඉක්මණින් නිකුත් වනු ඇතැයි අපේක්ෂා කරන බවත්ය.
බලාපොරොත්තු වන ආකාරයට එලෙස ගැසට් පත්‍රය නිකුත් වුවහොත් රේගුවේ හිරවී තිබෙන වාහන නිදහස් කිරීම ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ඒ මහතා පැවැසුවේය.
රේගුවේ හිරවී තිබෙන ජපානයෙන් ආනයනය කළ වාහන මුදා හැරීමට බාධාවක්ව තිබුණේ එම වාහන මෙරටට ආනයනය කිරීම සඳහා ජපානයෙන් අපනයන පරීක්ෂණ සහතික ලබාගත් සමාගම යැයි රේගු මාධ්‍ය ප්‍රකාශවරයා ප්‍රකාශ කළේය. ගැසට් පත්‍රය නිකුත්වීමත් සමග ජපානයෙන් ආනයනය කළ වාහන සම්බන්ධයෙන් මතුව තිබූ අර්බුදය අවසාන වනු ඇති බවත් මෙම ගැටළුව නිරාකරණය වනු ඇතැයි අපේක්ෂා කරන බවත් අරුක්ගොඩ මහතා පැවැසුවේය.
පළමු නැව පැමිණ දවස් 20 කට වඩා වැඩි බවද ඔහු ප්‍රකාශ කළේය. සිරවී තිබෙන වාහන වෙළඳපොළ පැමිණි විට වාහන මිල පහළ යනු ඇති බවත් වාහන තවදුරටත් රේගුවේ සිර වුවහොත් වාහන මිල ඉහළ යා හැකි බවත් වාහන අපනයන කරුවෝ පෙන්වා දුන්හ.
ඒ හේතුවෙන් වාහන නිදහස් කිරීමට ඇති බාධා ඉවත් කරමින් හැකි ඉක්මණින් නව ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 16
83
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
880
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
617
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අලුත් වාහන ගැටළුව අවසන් කරන්න ගැසට්ටුවක්?
Perera Thursday, 20 March 2025 07:31 AM
සමස්ත වාහන මිල කොහොමද පහල යන්නේ කලින් තිබුන මිලට වඩා මේ වාහන වල ගහන බදු නිසා වැඩිවෙලා තියෙනකොට ?
ගුණරත්න Thursday, 20 March 2025 08:41 AM
ඔය ඉස්සෙල්ලම වාහන ඕඩර් කලේ සල්ලි එකවර ගෙවන්න පුළුවන් ධනවත් මිනිස්සු, උන් කිව්වා විතරයි ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව පණවපු නීති නවන්න ජනාධිපතිවරයාම මැදිහත් වෙනවා, යස අපූරුයි. අපි ඇල්ටෝ එකක් ගන්නේ ලක්ෂ 71ක් ගෙවල, එකෙන් ලක්ෂ 50ක්ම ආණ්ඩුවේ බදු. කෝටි දාස් ගණන් වියදම් කරලා ෆැක්ටරි හදල වාහන විකුණන එකාට වැඩිය ආණ්ඩුව නිකම්ම ඉඳල සල්ලි හොයනවා.
kvcn Gunarathna Thursday, 20 March 2025 08:57 AM
දුප්පත් අපි රොද තුනෙ වාහනය විකුණුවා රොද 4ක් ගන්න . අන්තිමට අපි කබලෙන් ලිපට වැටුනා . ළමයින්ටවත් හොඳ වාහනයක් පදින්න රටකටවත් යවන්න වෙයි වගෙ ..
CHANDIMA KALANSOORIYA Thursday, 20 March 2025 09:49 AM
වාහන අපනයනකරුවෝ නෙවෙයි, ආනයන කරුවෝ. අංක එක කියනව. ලැජ්ජයි. කිසිම ප්‍රවෘත්තියක ගැඹුරක්, නිරවද්‍යභාවායක් නැහැ. වචන, වාක්‍ය පිටින්ම සම්පූර්ණයෙන්ම වැරදියි. පරිවර්තනය කරල දාන ලිපි එහෙම් පිටින්ම වැරදියි. කවුද ඔබගේ ආයතනයෙ වගකීම් දරන්නෙ. අපිත් අවුරුදු ගානක් මුද්‍රිත පිටපත් බැලුව. ඒවයෙ, පිළිවෙලත් එක්ක මේක ළඟින් තියන්නවත් බැහැ. අප්‍රසන්නයි.