(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම අද (16) පෙරවරුවේ සිදු විය.
ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සයිනොපෙක් සමාගම ඩොලර් බිලියන 3.7ක සෘජු විදේශ ආයෝජනයක් යටතේ මෙරට ඉදිකිරීමට නියමිත මෙම තෙල් පිරිපහදුව තෙල් බැරල් ලක්ෂ 2ක ධාරිතාවකින් යුක්ත අතර ඉන් අතිවිශාල ප්‍රමාණයක් අපනයනය කිරීමට සැලසුම් කර තිබේ.
චීනයෙන් ශ්‍රී ලංකාවට හිමි වු මෙම දැවැන්ත ආයෝජනය මෙරට ආර්ථික වර්ධනයට මෙන්ම හම්බන්තොට ප්‍රදේශයේ අඩු අදායම්ලාභී ජනතාවගේ ජීවනෝපායමාර්ග ද ශක්තිමත් කිරීමට දායක වනු ඇත. එසේම ඉතා ඉක්මණින් මෙහි ප්‍රතිලාභ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට හිමි වේ.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ බණ්ඩාර යන මහත්වරුද ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
නියම වැඩක්. හරියට කලොත්.
ඒ ඉඩම් සින්නක්කරේටම වික්කෙ නැතුව ඇති නේද?
තෙල් සංස්ථාවේ නිලධාරීන්ටත් බලන්න නොදුන් තෙල් ටැංකි ටික මතක් වුණා...
කොහොම හරි පොඩ්ඩ පොඩ්ඩ ජිවන වියදම අඩු වුණොත් හොඳයි
සමහරක්ට සීයා කරනකොට අවුල්... කොල්ලෝ කරනකොට ෆන්...
ඉඩම්ටික සින්නක්කරේටම නොවුණාට, වරායත් එක්කම අවුරුදු 198 කට චීනට බදු දීලා වසර කිහිපයක් වෙනවා.
සීයත් සයිනොපෙක් එක්ක හම්බන්තොට පිරිපහදුවක් ගහනවා කිව්වා.
අපරාදේ කියන්න බෑ.. සීයා පටන්ගත්තු සියල්ල ඒ ආකාරයෙන්ම කරගෙන යන්න තරම් ගටක් රතු අලින්ට තියෙනවා. කුහක නැතුව ඒ බව පිළිගන්නවා නම් කාගෙන්වත් අවුලක් නෑ.
වලව්වේ බේබි හාමු අපේ සල්ලි වලින් චීන්නු එක්ක උඩ ඇරපු රොකට් එකට මොකද වුනේ කියලා අනුර කුමාර මහත්තයාටවත් දැන ගන්න හැකියාවක් ලැබිලා නැද්ද..? මොනවා වුණත් වලව්වේ කටු කාපු කුක්කෝ නම්, බේබි හාමු උඩ ඇරපු චන්ද්‍රිකා කියලා හිතාගෙන උදේ හවස අහසේ තියන තරු වලට උඩු බුරනවා.
බොරු කියන්න එපා බොල, කාංචන එක්ක සාකච්ඡා කරලා ඉවරවෙලා ආරම්භ කරන්න යනකොට තමයි මාලීමාව උද්ඝෝෂණ කලේ කාංචනගෙ මාමණ්ඩිට තෙල් කොම්පැණිය දෙන්න හදනවා කියල
අලුත් එකක් මොකටද .සපුගස්කන්දේ පිරිපහදුව නවීකරණය කිරීමක් කරලා මදිද? කොහොම උනත් මේක චීන යටතට පත්වන එක නම් ෂුවර් !!! එතකොට ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි කාටද ඔප්පු තිරප්පු නැතුව ලියා දුන්නේ? අසල්වාසි ඉන්දියාව දත් කූරු කමින් මේ වැඩ බලන් ඇති!
සීයා කරපු දේවල් වල අනුර උප්පැන්න දෙන්න යනවා. නූගත් ජෙබයියෝ හොඳටම චූන් වෙනවා
හොඳයි