IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


අල්ලස් ගැනීමේ ’’කප් එක’’ ප්‍රා ලේකම් කාර්යාලවලට

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

අල්ලස් ගැනීම් වැඩිපුරම සිදුවන ආයතන අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මුල් තැනට පැමිණ ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

ඊට පසු අල්ලස් ගැනීම් වැඩිපුර සිදුවන ආයතන අතර පොලිසිය, අධ්‍යාපන ක්ෂේත්‍රය, ශ්‍රී ලංකා රේගුව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන සහ සුරාබදු දෙපාර්තමේන්තුව වෙතියි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.

ජනතාව වැඩිපුර ගැටෙන ආයතනවල අල්ලස් ගැනීම් සුලබව සිදුවන බවත් විශේෂයෙන් බලපත්‍ර නිකුත් කිරීම් වැනි කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අල්ලස් ගැනීම් වැඩිවීමට ප්‍රධාන හේතුව බවත් එම නිලධාරියා ප්‍රකාශ කළේය.

මේ ආයතනවල අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ප්‍රමාණය ඉතා අල්ප බව පවසන එම කොමිසම පැමිණිලි ඉදිරිපත් නොකෙරෙන අවස්ථා ඉතා වැඩි බවද සඳහන් කරයි.

සමහර පුද්ගලයන් රස්තියාදු වීම වළක්වා ගැනීම සඳහා කුමන හෝ අල්ලස් මුදලක් ලබාදී සිය වැඩ කටයුතු කර ගැනීමට උත්සාහ දරන ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බව කොමිසමේ විමර්ශන නිලධාරීහු පවසති.

රට පුරා ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංඛ්‍යාව තුන්සියයකට අධිකය.

 



අදහස් (3)

අල්ලස් ගැනීමේ ’’කප් එක’’ ප්‍රා ලේකම් කාර්යාලවලට

SL Saturday, 22 October 2022 09:41 AM

කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවත් එහෙමමයි, ප්ලැනක් අත්සන් කරගන්න ගියත් පගාව ගන්නවා. සභාපතියෙක් ඉන්නවා, එයා දන්නේ නැහැ මිනිස්සු මාස ගණන් වැඩක් කරගන්න රස්තයදු වෙන එක ගැන. එක ලිපියක් අත්සන් කරගන්න ආයතන දෙක තුනක් සම්භන්ධ වෙනවනම් ඉවරයිම තමයි . අද ඉන්න එක්කෙනා හෙට නැහැ ,හෙට එයා ඉද්දි අනිත් නිලධාරියා නැහැ. මම කියන්න ටෝකන් එකක් දීල , වැඩේ කරලා දෙන දිනයත් ටෝකන් එකේම සටහන් කරලා දාන්න කියල. නිලධාරින් සහ මහජනතාවගේ ගැටීම අඩුම කරන්න ඕනේ. TO ල ගැන නම් කතා කරන්න දෙයක් නැහැ.

:       0       20

Gamunu Saturday, 22 October 2022 07:29 PM

තීරණාත්මක ‘ක්‍රම වෙනස්කම්’වලින් වත්මන් මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පමණක් නොව සමස්ත ක්‍රමවෙදයේම වෙනසක් විය යුතුවේ. මෙම දුෂණ ක්‍රියාවන් දසක ගණනාවක සිට පැවතියද රජය මගින්, දේශපාලකයන්, රාජ්‍ය නිලධාරීන් හෝ වෙනත් කිවකු මෙවැනි දුෂණ නැවත්වීමට කිසිදු උත්සහයක් හෝ නව හදුන්වාදීම් හෝ අලුත් ක්‍රමවේදයන් අත්හදා බැලීම් හෝ සිදු කර නැත. සියල්ලෝම under their nose දුෂණය සිදුඋවත් නොදැක්ක සේ සිටීම සහ එහි කොටස් කරුවන්ව සිටීම සිදුවනවා හැර විසදුම් ලබාදීමට උත්සහ නොගනී. වරතමන ප්‍රදේශිය සහ පාර්ලිමේන්තු දේශපාලකයන් සමග විසදුම් ලබාදිය නොහැකිවනුයේ ඔවුන් මෙම දුෂිත ක්‍රියාවන්හි කොටස් කරුවන් වීම සහ එවැනි ක්‍රියා ආරක්ෂා කරනා නිසාවෙනි.

:       0       3

Kelum Dissanayaka Saturday, 22 October 2022 08:18 PM

මෙය නිවැරදිව හඳුනාගෙන කළ ප්‍රකාශයක් නොවන බව පෙනේ. ඇසෙන හා ඇතැමුන් කියන කතා මත පදනම්ව ප්‍රකාශ කර ඇති බවක් පෙනේ. මෙවැනි ප්‍රකාශ නිවැරදිව තහවුරු කළ හැකි දත්ත සමග ඉදිරිපත් කළ යුතු අතර අදාල ආයතනය ඒ සඳහා බැදී ඇත. අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් දැනට විමර්ශනය කර ඇති චෝදනාවල ප්‍රගතියත් සමග මේ ලිපිය ඉදිරිපත් වුණානම් තවත් වටිනවා.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජනපති කාර්යාලයේදී වෙසක් බැති ගී දින හතරක්
2025 මැයි මස 10 44 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ


ආපදා ණය ඉහළට: චක්‍රලේඛය පිටවේ
2025 මැයි මස 10 377 1

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්


පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
2025 මැයි මස 10 1555 6

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.



ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික අස්වෙයි
2025 මැයි මස 10 2644 3

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද


කොළඹ ලක්ෂ 10කට ඡන්දය එපා වෙලා
2025 මැයි මස 10 1086 1

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 499 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1360 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 351 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site