
(අංජුල මහික වීරරත්න)
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග ඉක්මනින් විනාශ කිරීමේ කාර්යය සඳහා ඇති නෛතික බාධා ඉවත් කිරීමට අදාළ නීති සංශෝධනය කිරීම වෙනුවෙන් පත් කළ කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ සමාජ විශ්වාසය තහවුරු කිරීමේදී අත්අඩංගුවට පත් වන මත්ද්‍රව්‍ය තොග හැකි ඉක්මනින් විනාශ කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ වෙනුවෙන් විධිමත් ක්‍රියාවලියක් කඩිනමින් සකස් කළ යුතු බවද අවධාරණය කළේය.
මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීමට නීති සංශෝධන කෙටුම්පතක් මේ වන විටත් සකස් කරනු ලැබ ඇති අතර එම කෙටුම්පතෙහි දක්වා ඇති ප්‍රතිපාදන අනුව අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා ගත වන කාලය තවදුරටත් අඩු කර ගැනීමේ හැකියාව පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස විමසා බැලිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්ද්‍රව්‍ය විතරක් නොවේ... නඩු භාණ්ඩ කියලා මෝටර්රථ වාහන අපරාදේ උසාවි භූමියෙයි, පොලිසියෙයි දිරාපත් විනාශ වෙලා යනවා. මේක මහා අපරාධයක්... වටිනාකම එකතු කරලා බැලුවොත් ලොකු මුදලක්... මෙව්වා ගාල් කළාට පස්සේ නඩු භාණ්ඩ හැටියට ඕනැයි කියපු එකෙක්වත් එව්වා දිහා ඇහැක් ඇරලා බලන්නේ නැහැ. කවුරු හරි හොද මොලයක් තියෙන කෙනෙක් මේක ගැනත් අවදානය යොමු කරලා වාහන නිදහස් කරන්ට වැඩ පිළිවෙළක් සැකසුවොත් හොදයි.
හොඳට ම පරිස්සමින් තියන්න පුලුවන් තැනකට අල්ලපු ගමන් ගෙනියන්න.පැලවත්ත කාර්යාලය තරම් ෂුවර් තැනක් තවත් නැහැනේ.අඩුම ගානේ සෙට් එක පාර්ලිමේන්තු පඩිය ගන්න විධයවත් හොයාගන්න බැහැනේ කාටවත් තවම.එතනයි තැන